AFC Banner
Empty Ad
Empty Ad

මුස්ලිම් විවාහ නීති සංශෝධනය නිසි ලෙස සිදු කරන්න – පුත්තලමේ විරෝධතාවක්

මුස්ලිම් විවාහ නීති සංශෝධනයේදී කණ්ඩායම් කීපයක බලපෑමට යටත් නොවී සැමට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලා පුත්තලම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සිකුරාදා ආගමික කටයුතුවලින් අනතුරුව නිහඬ විරෝධතාවයක නිරතවී තිබෙනවා.

මෙම සංශෝධනයන් සදහා කරුණු දැක්වීමට අධිකරණ අමාත්‍යංශයට පුත්තලමේ මුස්ලිම් කාන්තාවන් 6000ක් රැගෙන එන බවට කරුණු සදහන් කරමින් අධිකරණ අමාත්‍යවරයා හා එහි නිලධාරීන් මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකිකයන්ම නොමග යැවීමට විරුද්ධ බවයි උද්ඝෝෂකයන් පෙන්වා දෙන්නේ.

වසර 70ක් පමණ පැරණි මෙම නිතිය සංශෝදනය විය යුතු බවට මුස්ලිම් සමාජය තුලම කථිකාවතක් පවතින අතර, එය දඩමිමා කර ගනිමින් මෙම නීතියට පාදක වන මූලධර්ම හා හරයන්වලට හානි වන ආකාරයෙන් වෙනස්කම් කිරීමට විරුද්ධ බව ඔවුන් සඳහන් කළා.

විද්වත් සභාවක්, මුස්ලිම් ආගමික නායකයින්ගෙන් සැදුම් ලත් කමිටුවකින් මේ සියළු නීති සංශෝධනය කරන ලෙසයි ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටියේ.

පැයකට පමණ ආසන්න කාලයක් තිබූ මෙම විරෝධතාවය සඳහා පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?