මුස්ලිම් විවාහ නීති සංශෝධනය නිසි ලෙස සිදු කරන්න – පුත්තලමේ විරෝධතාවක්

මුස්ලිම් විවාහ නීති සංශෝධනයේදී කණ්ඩායම් කීපයක බලපෑමට යටත් නොවී සැමට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලා පුත්තලම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සිකුරාදා ආගමික කටයුතුවලින් අනතුරුව නිහඬ විරෝධතාවයක නිරතවී තිබෙනවා.

මෙම සංශෝධනයන් සදහා කරුණු දැක්වීමට අධිකරණ අමාත්‍යංශයට පුත්තලමේ මුස්ලිම් කාන්තාවන් 6000ක් රැගෙන එන බවට කරුණු සදහන් කරමින් අධිකරණ අමාත්‍යවරයා හා එහි නිලධාරීන් මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකිකයන්ම නොමග යැවීමට විරුද්ධ බවයි උද්ඝෝෂකයන් පෙන්වා දෙන්නේ.

වසර 70ක් පමණ පැරණි මෙම නිතිය සංශෝදනය විය යුතු බවට මුස්ලිම් සමාජය තුලම කථිකාවතක් පවතින අතර, එය දඩමිමා කර ගනිමින් මෙම නීතියට පාදක වන මූලධර්ම හා හරයන්වලට හානි වන ආකාරයෙන් වෙනස්කම් කිරීමට විරුද්ධ බව ඔවුන් සඳහන් කළා.

විද්වත් සභාවක්, මුස්ලිම් ආගමික නායකයින්ගෙන් සැදුම් ලත් කමිටුවකින් මේ සියළු නීති සංශෝධනය කරන ලෙසයි ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටියේ.

පැයකට පමණ ආසන්න කාලයක් තිබූ මෙම විරෝධතාවය සඳහා පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10