යුද හමුදා සාමාජිකයන් අඩු කිරීමේ සැලසුමක්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ අනුමත සෙබළුන් ප්‍රමාණය අඩු කිරීමේ සැලසුමක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දැනට අනුමත සේවක සංඛ්‍යාව 200,783ක් වුවද එය 2024 වන විට 135,000 දක්වා අඩු කරන බවයි.

2030 වසර වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රමාණය 100,000 දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම උපායමාර්ගික සැලැස්මේ සමස්ත අරමුණ වන්නේ 2030 වසර වන විට තාක්‍ෂණිකව හා උපායශීලීව හොඳ සහ සමතුලිත ආරක්‍ෂක හමුදාවක් බිහිකිරීම බව ඔහු අනාවරණය කර තිබෙනවා.

ඕනෑම ආරක්ෂක අභියෝගයකට මුහුණදීම සඳහා 2030 වසර වන විට තාක්ෂණිකව සුදුසුකම් ලත් උපායශීලී සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ අරමුණ බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

  1. Army විතරක් යවලා හරියන්න‍ෙ නෑ සන්නද්ධ හමුදා ඔක්කොමටම එකක් වෙන්න ඔනේ Navy, Air Force අයටත් ඒ වරප්‍රසාදය දෙන්න ඔනේ…..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14