බැස්ටියන් මාවතේ ඝාතනයට, ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුවෙකුගේ ගෝලයෙක් අල්ලයි

පිටකොටුව බැස්ටියන් මාවතේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනවලට අදාළවයි මට්ටක්කුලිය සහ පිළියන්දල ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

මෙම ඝාතනය සඳහා සැකකරුවන් භාවිත කළ යතුරුපැදිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ඊයේ (11) සවස පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේදී යතුරුපැදිය ළග තබාගෙන සිටි අයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලදී යතුරුපැදිය ලබාදුන් තවත් සැකකරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වූ අතර එම සැකකරු මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 120ක් ද සමගින්.

මෙම පුද්ගලයන් දෙදෙනා හෝමාගම සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 31 සහ 37 වයස්වල පසුවන දෙදෙනෙක්.

වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායි රාජ්‍යයේ සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග සම්බන්ධතා පවත්වන අයෙක් බවටයි.

සැකකරුවන් දෙදෙනා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන අතර කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුණු ලෝබයෙක් - ආර්යාවෝ තියාගෙන වියදම් කරන්නේ නෑ
03:17
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජා නැද්ද - ගෙදර යන්න වෙනවා.. ස්ථිරයි
04:33
Video thumbnail
ආයේ කිසිම එකෙකුට ඡන්දේ දෙන්නේ නෑ
04:04
Video thumbnail
වතුකරයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට දැඩි ආරක්ෂාවක්
01:35
Video thumbnail
දිට්වා නිසා අවතැන් වුණ දරුවන්ව අමතක කරන්න හොඳ නෑ
02:12
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10