බැස්ටියන් මාවතේ ඝාතනයට, ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුවෙකුගේ ගෝලයෙක් අල්ලයි

පිටකොටුව බැස්ටියන් මාවතේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනවලට අදාළවයි මට්ටක්කුලිය සහ පිළියන්දල ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

මෙම ඝාතනය සඳහා සැකකරුවන් භාවිත කළ යතුරුපැදිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ඊයේ (11) සවස පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේදී යතුරුපැදිය ළග තබාගෙන සිටි අයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලදී යතුරුපැදිය ලබාදුන් තවත් සැකකරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වූ අතර එම සැකකරු මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 120ක් ද සමගින්.

මෙම පුද්ගලයන් දෙදෙනා හෝමාගම සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 31 සහ 37 වයස්වල පසුවන දෙදෙනෙක්.

වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායි රාජ්‍යයේ සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග සම්බන්ධතා පවත්වන අයෙක් බවටයි.

සැකකරුවන් දෙදෙනා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන අතර කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?