මැතිවරණයක් ඉල්ලා ගන්න අරගලයක් කරන්න – අපි සහාය දෙන්නම්

පළාත් පාලන මැතිවරණයක් හෝ වෙනයම් මැතිවරණයක් පැවැත්වීම තුලින් මෙරට පවතින අර්බුදයන්ට විසඳුමක් නොලැබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පිරිසකට ඉල්ලා අස්වන ලෙසට බලපෑම් සිදු කෙරෙමින් ඇතැයි තොරතුරු වාර්තා වන බවයි.

එලෙස සාමාජිකයන් ඉල්ලා අස්වුවහොත් කොමිෂන් සභා පත් කරනු ලබන ව්‍යවස්ථාදායක සභාව සක්‍රිය නොවීම හමුවේ නව සාමාජිකයන් පත් කිරීමට නොහැකිව මැතිවරණය කල් දැමීමට සිදුවන බව පුබුදු ජයගොඩ පෙන්වා දෙනවා.

ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීම සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කරමින් සිටින බව ද ඔහු සඳහන් කළා.

ඒ වෙනුවෙන් එරෙහි වීමට අරගලය පෙරට ගන්නා ලෙසටි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා කියාසිටියේ. ඒ වෙනුවෙන් ජනතාවට උපරිම සහයෝගය ලබාදෙන බව ද ඔහු ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39