කියපු තරම් දුම්රිය අවලංගු වුණේ නෑ – ඇමති බන්දුල කියයි

මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයට සේවකයින් විශ්‍රාම යෑම හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු නොවූ බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශ්‍රාම යාම හේතුවෙන් යම් දුම්රිය වාර සංඛ්‍යාවක් අවලංගු කිරීමට වුවද එය මාධ්‍ය මගින් වාර්තා කළ අකාරයේ වැඩි දුම්රිය ගමන් වාර සංඛ්‍යාවක් නොවන බවයි.

සුළු දුම්රිය වාර සංඛ්‍යාවක් අවලංගු වූ විට එය විශාල ප්‍රමාණයක් ලෙස මාධ්‍ය මගින් පෙන්වීම සිදු කළ බවද එම නිලධාරීහු පෙන්වා දී තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කටුනායක ගුවන්තොටුපළට වැඩි සංචාරකයින් ප්‍රමාණයක් පැමිණීම නිසා ඉන්ධන සැපයීම සඳහා වැඩි දුම්රිය සංඛ්‍යාවක් පසුගිය දිනවල යෙදවීමට සිදු වූ බවත්, එම හේතුව නිසාවෙන්ද දුම්රිය ධාවනය තරමක් අවම කිරීමට සිදු වූ බවයි.

මාධ්‍ය වාර්තා කළ ආකාරයට දුම්රිය ගමන්වාර අවලංගු නොවූ බවට ඉදිරියේදී කරුණු පෙන්වා දීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළා.

තවද නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන් යම් දුම්රිය වාර සංඛ්‍යාවක් අවලංගු වූවේ නම් එයද මෙම මස අග වන විට අවසන් කිරීමට ඇති හැකියාව පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසූ අතර, එහිදී නිලධාරීන් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය පත් කිරීම් මේ වන විටත් සිදු කරමින් පවතින නිසා මේ මස අග වන විට එය සිදු කළ හැකි බවයි.

එසේම පසුගිය වසර අගදී විශ්‍රාම ගොස් ඇත්තේ දුම්රිය රියදුරන් 10 දෙනෙකු පමණක් බවත් ඔවුන් පෙන්වා දුන්නා.

එසේම එළඹෙන පෙබරවාරි මුලදී පවතින ධාරිතාව අනුව නව දුම්රිය කාලසටහනක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

මීට අමතරව “ඇල්ල-ඔඩිසි” වැනි සංචාරක ආකර්ශනය සහිත දුර ගමන් දුම්රිය සේවාවන් සඳහා ටිකටිපත් මිලදීගැනීම 100%ක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇනවුම් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

එසේම (203 අධිකාරිය වූ) මෝටර් වාහන පනතේ 158 වගන්තියේ (2) සහ (3) උපවගන්ති සමග කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජූලි 07 දිනැති අංක 2287/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සඳහා කාරක සභාවේ අනුමතිය ලබාගැනීමද මෙහිදී සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?