හිටපු ජනපතිවරුන් දෙපළට සම්බාධක පැනවීම ගැන ශ්‍රී ලංකාවේ කනස්සල්ල

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැනඩා රජය විසින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් අතර අද පැවති හමුවකදී යි මේබව ප්‍රකාශ වී ඇත්තේ.

මෙම හමුවේදී විදේශ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුට සම්බාධක පැනවීම මෙම තීරණාත්මක අවස්ථාවේදී පිළිගත හැකි ක්‍රියාවක් නොවන බවයි.

පවතින ගැටලු නිරාකරණය කර සංහිඳියාව ඇති කර ගැනීම සඳහා පවතින ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණවල නිරතව සිටින අවස්ථාවක මෙම සම්බාධක පනවා ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව කැනඩාව සම්බාධක පනවා ඇති බව කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි ඊයේ ප්‍රකාශ කිරනු ලැබුවා.

1983 වසරේ සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම්වලදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා කරමින් මෙම සම්බාධක පනවා තිබෙනවා.

කැනඩාවේ විශේෂ ආර්ථික පියවර පනතට අනුව ලැයිස්තුගත පුද්ගලයින්ට ගනුදෙනු තහනමක් පනවන අතර, එමඟින් කැනඩාවේ ඔවුන් සතුව තිබිය හැකි ඕනෑම වත්කමක් රජය භාරයට ගනු ලබනවා.

වසර 30 ක යුද්ධයෙන් පසු 2009 දී ශ්‍රී ලංකාව එල්. ටී. ටී. ඊ. සංවිධානය මර්දනය කරන විට මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ අතර ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙසටස් කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18