AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රී – රනිල් හමුවෙයි

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් හෝ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරුන් කලින් දැනුවත්ව නොසිටි බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ දැනුම් දී ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කලින් දැනුවත්ව නොසිටි බව කොමිෂන් සභා වාර්තාවෙන්ද ඔප්පු වී ඇතැයි රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වූ පෙරේදා (23) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී හමු වී තිබේ.

ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුව පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වෙනුවෙන් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදීය. එහිදී හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත් කර නොතිබුණු බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව ඇතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?