නාන තටාකයේ ඇති වූ ආරවුල දුරදිග ගොස් 14 හැවිරිදි දැරියකට කළ අපරාධය

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට පිරිසක් විසින් අමානුෂිකව පහර දී ඇති බව වාර්තා වනවා.

පසුගිය පළමු වනදා මෙම සිදුවීම සිදුව ඇති අතර පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 04 දෙනෙකු වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් සිව්දෙනා අද (10) දිනයේ පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාද්දූව පොලීසිය සඳහන් කළේ.

පසුගිය පළමු වනදා කළුතර – මිල්ලගස් හංදිය ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයක් තුළ දෙපිරිසක් අතර ආරවුලක් හටගෙන තිබෙනවා.

වයස අවුරුදු 14 දැරියට එහි සිටි පුද්ගලයෙකු විසින් කිසියම් විහිළුවක් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාගේ පාර්ශ්වය සහ දැරියගේ පාර්ශ්වය අතර මෙම ආරවුල හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරව දැරිය සහ ඇයගේ ඥාතීන් නිවෙස් බලා පැමිණ ඇති අතර, සිද්ධියට සම්බන්ධ අනෙක් පාර්ශ්වයේ පිරිසක් එදින රාත්‍රියේ දැරිය පදිංචිව සිටි නිවසට පැමිණ නිවසේ සිටි පිරිසට සහ දැරියට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් විසින් දැරියගේ පියාට සහ සීයාට බරපතළ ලෙස පහරදී ඇති අතර දැරියට ද පහර දී ඇයගේ මුඛයේ දුම්වැටියක් ද ඔබා පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ තුවාලකරුවන් මේ වනවිටත් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18