කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ දී අද (10) අලුයම පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
QR 662 ගුවන් යානයෙන් දෝහා කටාර් සිට මෙරටට පැමිණි ගුවන් මඟියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.
එම පුද්ගලයා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළ දී බිම ඇදවැටී මිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බුද්ධික කරුණාරත්න නැමැති මෙම පුද්ගලයා කැනඩාවේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන තිබෙනවා.
55 හැවිරිදි මොහු පිටකෝට්ට ප්‍රදේශයේ පදිංචි සිය ඥාතීන් බැලීම සඳහා දිවයිනට පැමිණට පැමිණි අවස්ථාවේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4





