වැඩි කළ විදුලි බිල මේ මාසයේ සිට – ලංවිම ඉදිරිපිට අද උද්ඝෝෂණයක්

මේ මාසයේ සිට පිරිවැය මත විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ විදුලිබල කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට ද අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව පසුගිය 02 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ගෙන එනු ලැබුවා.

එහිදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් වන අවසන් තීරණය මෙම සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කරන බවයි පසුගිය සතියේ කැබිනට් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඒ, අනුව ඊයේ (09) පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ යෝජනාවට අවසර ලබාදුන්නා.

කෙසේ වෙතත් රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් සමාජය තුළින් දැඩි විරෝධතාවක් එල්ල වන අතර, මෙම තීරණයට විරෝධය දක්වමින් හැටනව ලක්ෂයක මහජන පෙත්සමක් ද අත්සන් කෙරුණා.

එම පෙත්සම මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීම ද සිදු කෙරුණේ ඊයේ දිනයේ දියි.

එහිදී අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ විදුලි බිල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වුව ද එය ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවයි.

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට අද (10) දිනයේ දී උද්ඝෝෂණයක් පැවැත්වෙන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?