වැඩි කළ විදුලි බිල මේ මාසයේ සිට – ලංවිම ඉදිරිපිට අද උද්ඝෝෂණයක්

මේ මාසයේ සිට පිරිවැය මත විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ විදුලිබල කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට ද අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව පසුගිය 02 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ගෙන එනු ලැබුවා.

එහිදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් වන අවසන් තීරණය මෙම සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කරන බවයි පසුගිය සතියේ කැබිනට් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඒ, අනුව ඊයේ (09) පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ යෝජනාවට අවසර ලබාදුන්නා.

කෙසේ වෙතත් රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් සමාජය තුළින් දැඩි විරෝධතාවක් එල්ල වන අතර, මෙම තීරණයට විරෝධය දක්වමින් හැටනව ලක්ෂයක මහජන පෙත්සමක් ද අත්සන් කෙරුණා.

එම පෙත්සම මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීම ද සිදු කෙරුණේ ඊයේ දිනයේ දියි.

එහිදී අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ විදුලි බිල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වුව ද එය ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවයි.

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට අද (10) දිනයේ දී උද්ඝෝෂණයක් පැවැත්වෙන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14