එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුත්තලම දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම අද (09) සිදු කළා.
පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
ඔවුන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකළා.
මේ අතර පොදුජන පෙරමුණ කොළඹ, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද (09) දිනය තුළ ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරනු ලැබුවා.













