පොහොට්ටුව කුරුණෑගලටත් ඇප බඳියි (ඡායාරූප)

2023 පළාත් පාලන මැතිවරණයට සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (09) දිනයේ සිදුකළා.

ඒ, සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර අතර, ඊට ප්‍රථම එම පිරිස කුරුණෑගල බෞද්ධාලෝක විහාරයේ දී ආගමික වතාවත් සිදුකර මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමට ද කටයුතු කළා.

ඊට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු දැක්වුයේ මෙවන් අදහසක්.

“කුරුණෑගල ඉතාමත්ම ශක්තිමත් ලෙස අපි මැතිවරණයට මුහුණ දෙනවා. අද පක්ෂ දිහා බලපුහාම මම හිතන්නේ පොහොට්ටු පක්ෂය ඉදිරියෙන්ම ඉන්නවා. නාම යෝජනා දෙන වැඩපිළිවෙලේ දී සමහර පක්ෂ තාම ලෑස්ති පවා නෑ. ලෑස්ති නැති අය එළියට ඇවිල්ල කියනවා ඡන්දෙ තියන්නේ කියලා. ඒක නිසා තමුන්නාන්සේලාට පේනවා මේ කරන්නේ බොරුවක්. අවුරුද්ද පුරාවටම කරේ බොරුවක් කියන එක. ඡන්ද ඉල්ලනවා ඡන්ද වලට ලෑස්තිවත් නැති පක්ෂ තමයි ඉල්ලන්නේ. අපේ පොහොට්ටුව පක්ෂය ඉදිරියෙන්ම ඉන්නවා කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්