බත්තරමුල්ලේ සීලරතන හිමි සහ ජනසෙත පෙරමුණේ සභාපති පොලිස් මූලස්ථානයට

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් සහ ජන පෙරමුණේ සභාපති නිලන්ත රණසිංහ අද දින පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළා.

එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා තමන්ට තර්ජනය කරමින් බැණ වැදීම් සිදු කර ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මෙලෙෂ පැමිණිල්ලක් සිදු කළ බවයි ඔහු සඳහන් කළේ.

දළදාව සුරැකීමේ සංවිධානය ලෙසට තමන් විවිධ අවස්ථාවල පෙනී සිට ඇති අතර මෙවැනි තර්ජන හමුවේ ඉදිරියේදී තමාගේ ජීවිතයට තර්ජනයක් සිදුවුවහොත් එහි වගකීම මර්වින් සිල්වා භාරගත යුතු බවටයි ඔහු කියාසිටියේ.

එමෙන්ම දළදාව සුරැකීමේ සංවිධානය ලෙස දිගින් දිගටම කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ බත්තරමුල්ලේ සීලරතන හිමියන්.

මර්වින් සිල්වා අමාත්‍යවරයාට අපි කතා කරන්නේ ආචාර්ය මර්වින් සිල්වා කියා. එතුමා ඉතා අසභ්‍ය ලෙස මාධ්‍ය හරහා දැන බැඳීම් කරන ආකාරය ඊයේ අපි දුටුවා. බලයට ආපුවාම මිනිස්සු හිතනවා ඔවුන්ට වඩා කෙනෙක් නැහැ කියලා. මර්වින් සිල්වා අමාත්‍යතුමා දැන් ඔබ වයෝවෘද්ධයි. එම නිසා කතා කරන විට පුද්ගලයන්ට ගෞරවය ලබා දීලා කතා කරන්න. මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට අපි මේ දළදා වහන්සේ ආරක්ෂා කිරීම පිළිබඳව කතාබහ කරලා තිබෙනවා. ඉදිරියටත් අපි ඒ කටයුතු එලෙස ම සිදු කරනවා. මේ ව්‍යාජ තෙල් බෙහෙත් කරන ජානක කියන පුද්ගලයා නිසා ඉදිරියේදී යම් ජීවිත හානියක් වුණොත් එය දේශීය වෛද්‍යවරුන්ටත් බලපානවා. එම නිසා දේශීය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව සොයා බලන්න කියලා. ජානක කියන පුද්ගලයා මාධ්‍යවේදීන්ට පහර දීලා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. ඔය කොයි මාධ්‍යයටත් අපි කියන්නේ කවදාහෝ දවසක අපිව ඕන වෙනවා කියලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46