කොළඹට ⁣මත්ද්‍රව්‍ය බෙදන තවත් තිදෙනෙක් කොටු වෙයි

කොළඹ අවට ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතවූ සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කොළඹ, කැලණිය, කළුතර, පානදුර, නුගේගොඩ ප්‍රදේශවලට හෙරොයින්, ගංජා සහ හෂීස් ඉතා සූක්ෂම ලෙස බෙදාහරිමින් සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් තුන්දෙනා රුපියල් කෝටි 07කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් අද (08) අළුයම සමත් වුණා.

මෙම වැටලීමේදී හෙරොයින් කිලෝ ග්රෑම් 01ක්, කේරළ ගංජා කිලෝ 125ක් සහ හෂීස් කිලෝ 2ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 2කට අධික මුදල් ප්‍රමාණයක් ද පොලිසිය සොයා ගනු ලැබුවා.

සැකකරුවන් කොටහේන, වත්තල සහ දික්ඔය ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් වන අතර වත්තල ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගනිමින් මෙම ජාවාරම් සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් රඳවා ගැනීමේ නියෝග ලබාගනිමින් මාලිගාවත්ත පොලිසිය විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23