බෝම්බ රිශාක් සහ උක්කුවා අත්අඩංගුවට

බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුළු වී දේපළ සොරා ගත් මාලිගාවත්තේ “බෝම්බ රිශාක්” සහ එම දේපළ සහ තවත් සොර බඩු මිලදී ගත් “උක්කුවා” නම් සැකකරුවන් රුපියල් ලක්ෂ පනහකට ආසන්න දේපළ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව සොර බඩු ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ රියදුරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා අත් ඔරලෝසුව හතරක්, කාන්තා රන් මුදු දෙකක්, වටිනා ජංගම දුරකථනයක්, අයි පෑඩ් දහයක් මෙන්ම ලැප්ටොප් පරිගණකයක් සහ විදේශීය මුදල් තොගයක් ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට දින කිහිපයකට ඉහතදී බම්බලපිටිය කින්රොස් පෙදෙසෙහි දෙමහල් නිවසට අලුයම් කාලයේ දී දොර කඩා ඇතුළු වූ රිශාක් නමැති සැකකරු එම නිවසේ කාමරයක අල්මාරියේ දමා තිබූ රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනා අත් ඔරලෝසු 4 ඇතුළු රුපියල් ලක්ෂ 25ක පමණ දේපොළ සොරාගෙන ගොස් තිබුණා.

ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරු අනුව මාලිගාවත්ත ආර්. ජි. වත්ත ප්‍රදේශයේදී බෝම්බ රිශාක් නැමැත්තා අත්අඩංගුවට ගෙන සිදු කළ සිදු කළ ප්‍රශ්න කිරීමේදී යි ඔහුගෙන් සොර බඩු මිලදී ගත් උක්කුවා නමැත්තා පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ.

පසුව සැකකරුගේ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාපාරික නිවසින් සොරාගත් දේපලවලට අමතරව සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 20ක පමණ තවත් දේපල තිබී සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් බෝම්බ රිශාක් නමැත්තා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට ද හෙළිවී ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?