රුපියල් 20 අලුත් කාසියක්

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නව කාසියක් නිකුත් කරනු ලැබුවා.ඒ රුපියල් 20 ක කාසියක්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත මෙම කාසිය පිළිගන්වනු ලැබුවා. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර තිබේ.

කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර ඇත.
කාසි මිලියන 05ක් ලබන මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?