නීති විරෝධී සංක්‍රමණ සඳහා මුදල් ලබාගත් 2ක් මීගමුවේදී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට පුද්ගලයන් සංක්‍රමණය කර රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබාගත් මිනිස් ජාවාරම්කරුවන් බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සමග එක්ව පසුගියදා මීගමුව ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, මීගමුව පොලිසිය හා එක්ව පසුගිය 4 වනදා සවස මීගමුව ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු මෝටර් රථයක් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී, මෙරටින් විදෙස් රටකට නීති විරෝධී ලෙස මිනිසුන් සංක්‍රමණය කරවා රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයන් 20 දෙනෙකුගෙන් රුපියල් මිලියන 5කට අධික මුදලක් ලබාගත් මිනිස් ජාවාරම්කරුවන් බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු සමඟ එම මෝටර් රථය අත්අඩංගුවට ගනු ලැබුවා.

වයස අවුරුදු 30 සහ 41 යන වයසේ පසුවන සැකකරුවන් හලාවත සහ කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම සැකකරුවන් දෙදෙනා සහ මෝටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී, නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර, නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙසටයි නාවික හමුදාව අවධාරණය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?