භාරත පුත්තු පැරදූ සිංහයෝ ඉන්දියාවේ දී ජයකෙහෙළි නංවයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ශ්‍ර්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 16ක ජයග්‍රහණයක් හිමි වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 206ක් රැස් කළා.

නායක දසුන් ශානක වේගවත් පිති හරඹයක නිරත වෙමින් පන්දු 22ක් තුල නොදැවී ලකුණු 56ක් ලබාගත්තේ හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් සමගින්.

කුසල් මෙන්ඩිස් පන්දු 31කින් වේගවත් ලකුණු 52ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ද සමගින්.

පැතුම් නිස්සංක ලකුණු 33ක් සහ චරිත් අසලංක ලකුණු 37ක් ලබාගත්තා. අසලංක එම ලකුණු 37 ලබාගත්තේ පන්දු 19කට මුහුණ දෙමින්. හයේ පහර 4ක් ඔහුගේ ලකුණු අතරට එක්වුණා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 11ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී උම්රාන් මලික් කඩුලු 3ක් සහ ඇක්සාර් පටෙල් කඩුලු දෙකක් බිඳහෙළුවා.

පූනේහිදී පැවැත්වෙන මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමට ජයග්‍රාහණය සදහා ලකුණු 207ක ඉලක්කයක් හිමිවු අතර ඉන්දීය කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේදී ලබාගත හැකි වුයේ ලකුණු 190ක් පමණයි. ඒ් කඩුලු 7ක් දැවී.

ඒ් අනුව ලකුණු 16ක ජයක් ලැබිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. පන්දු යැවීෙම්දී කසුන් රාජිත පන්දු ඔිවර 4යි ලකුණු 22ට කඩුලු 2ක් ද දල්ෂාන් මදුෂන්ක පන්දු ඔිවර 4යි ලකුණු 45ට කඩුලු 2ක් ද ලබා ගත්තා.

තරගයේ අවසාන පන්දු ඕවරය යැවීම සදහා නායක දසුන් ශානක පන්දු යැවූ අතර එක පන්දු ඕවරයක් යවා කඩුලු 2ක් ලබා ගත්තේ ලකුණු 4ක් පමණක් ලබා දෙමින්

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 1-1 ක් මේ වනවිට කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජය ලබා සිටි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොක්ලට් කවරය තුළ සඟවා රැගෙන ආ හෂීෂ් ගුවන්තොටේ දී කොටුවෙයි
02:07
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27