පොලිස් ඇඳුමකින් සැරසී ලක්ෂ 35ක් මංකොල්ල කා පළා යයි

ගලේවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් තොග බඩු බෙදා හරින ලොරි රථයක තිබු රුපියල් ලක්ෂ 35ක පමණ මුදලක් මංකොල්ල කා පලායමින් සිටි සිව් දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක් පසුපස හඹා ගොස් එක් සැකකරුවකු හා යතුරුපැදියක් සමග අල්ලා පොලිසියට බාර දීමට කොල්ලකෑමට ලක්වූ ලොරි රථයේ රියදුරා ඇතුලු පිරිස සමත්ව තිබෙනවා.

ගිරානේගම මනම්පේරිගම ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රියේ අදාළ කොල්ලකෑම සිදුව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

රථ වාහන පරීක්ෂක රාජකාරී සවභාවයෙන් යතුරු පැදි දෙකකින් පොලිස් කබායකින් ද සැරසී සිටි අයෙකු ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු මනම්පේරිගම ජනශූන්‍ය ප්‍රදේශයකදී පරීක්ෂා කිරීමේ මුවාවෙන් අදාළ ලොරි රථය නවතා ගෙන තිබෙනවා.

පසුව සැකකරුවන් අදාළ ලොරි රථයේ තිබූ රුපියල්ලක්ෂ 35ක පමණ මුදල් ප්‍රමාණයක් රැගෙන පළාගොස් ඇති බවටයි පොලිසියට වාර්තා වී ඇත්තේ.

අනතුරුව කොල්ලකෑමට ලක්වූ ලොරි රථයේ රියදුරා කොල්ලකරුවන් පසුපස කිලෝමීටර් 05ක් පමණ හඹා ගොස් ඇති අතර එහිදී එක් යතුරුපැදියක් හා එහි ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනාගෙන් අයෙකු අල්ලා ගැනීමට ලොරි රථයේ ගමන්ගත් පිරිස සමත්ව තිබෙනවා.

ඒ දේවහූව බුලනවැව ප්‍රදේශයේදී යි.

මංකොල්ල කෑ මුදල් රැගත් සෙසු සැකකරුවන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරු පැදියෙන් වෙනත් මාර්ගයක් ඔස්සේ පළා ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ මකුල්ගස්වැව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම සැකකරු හා යතුරුපැදිය එම ස්ථානයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්දිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු සදහා එම සැකකරු හා අදාළ යතුරුපැදිය ගිරානේගම පොලිස් ස්ථානය වෙත භාර දීමටයි මකුල්ගස්වැව පොලිසිය අද කටයුතු කර ඇත්තේ.

පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ වාරියපොල බංඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙක්.

ඔහු කලක් යුධ හමුදා සේවයේ නිරතව සිට ඇති අයෙකු බව ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

අත්අඩංගුවටපත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලට අනුව මංකොල්ලයට සම්බන්ධව පළාගිය සෙසු සැකකරුවන් තිදෙනාද පොලිසිය හඳුනා ගෙන ඇති අතර ඔවුන් ද වාරියපොල ප්‍රදේශයේම පදිචිකරුවන් බවටයි හෙළිවී ඇත්තේ.

පලාගිය එම සැකකරුවන් අතර හලාවත පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් සැරයන්වරයකු ද සිටින බව සඳහන්.

සැකකාර පොලිස් සැරයන්වරයා හලාවත මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතර නිකවැරටිය විතිකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ඊයේ දින රාජකාරි විවේකයෙන් පසු නිවසට පිටව ගොස් ඇති අතර පසුව තවත් තවත් පුද්ගලයින් 03 දෙනෙකු සමග රාත්‍රී 8ත් 10ත් අතර කාලයේදී මෙලෙස මුදල් කොල්ලකා පළා ගොස් ඇතැයි සඳහන්.

මෙම මංකොල්ලය සම්බ්නධයෙන් මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මංකොල්ලය සම්බන්ධයෙන් ගිරානේගම පොලිස් ස්ථානය මගින් මේ වනවිට වැඩිදුර විමර්ශණ සිදුකරන අතර පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23