ඉන්දීය කඩුලු රකින ක්‍රීඩකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අනාවරණයක්

රිය අනතුරකින් තුවාල ලැබූ ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් මුම්බායි නුවර රෝහලක් වෙත යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.

රිෂාබ් පාන්ට් පසුගිය සතියේ දෙසැම්බර් 30 වැනි දින දිල්ලි-ඩෙරාඩුන් අධිවේගී මාර්ගයේදී මෝටර් රථ අනතුරකට ලක්වුණා.

බස් රථ රියදුරෙකු සහ කොන්දොස්තරවරයකු විසින් දැවෙන මෝටර් රථයෙන් ක්‍රීඩකයා එළියට ගෙන ප්‍රාදේශීය රෝහලකට යොමු කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කඩුලු රකින ක්‍රීඩකයාගේ MRI ස්කෑන් පරීක්ෂණයෙන් ඔහුගේ මොළයට හෝ සුෂුම්නාවට කිසිදු හානියක් සිදුවී නොමැති බව අනාවරණය වී තිබෙනවා.

ඔහු දින කිහිපය තුළ, දැඩි සත්කාර ඒකකයේ සිට රෝහලේ පෞද්ගලික කාමරයකට ගෙන ගොස් ඇති අතර මේ වන විට සුවය ලබමින් පවතින බව සඳහන්.

සීරීම් සහ මුහුණේ තුවාල සඳහා ප්ලාස්ටික් සැත්කම් දැනටමත් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඔහුගේ දණහිසේ MRI ස්කෑන් පරීක්ෂණය තවමත් සිදු කර නොමැති අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) වෛද්‍ය කණ්ඩායමට ප්‍රතිකාර ආරම්භ කළ හැක්කේ ඔහුගේ ප්ලාස්ටික් සැත්කමෙන් සුවය ලැබීමෙන් පසුව පමණක් බව ද සඳහන්.

රිෂාබ් පාන්ට් ඩෙහ්රාඩුන් හි මැක්ස් රෝහලේ සිට මුම්බායි හි කෝකිලාබෙන් අම්බානි රෝහලට ගුවන් ගිලන් රථයක් හරහා මාරු කරන අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඒ සඳහා ගුවන් ගිලන් රථයක් අනුමත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර අනතුරට ලක්වූ රිෂාබ් හට දිගු කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදුවනු ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32