නාන්න ගිය සිසුන් දෙදෙනෙක් මාතර මුහුදට බිළිවෙයි

මාතර මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අද පස්වරු 3.30ට පමණ මාතර ළමා උද්‍යානය අසල වෙරළ තීරයේ මෙම සිසුන් දෙදෙනා දිය නෑමට ගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මලිදුව සහ හේනගම පදිංචි 17 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙක්.

ඔවුන් අකුරැස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අය බව සඳහන්. මියගිය දෙදෙනාගේ මෘත ශරීර මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාතර පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ දියේ ගිළුළු සිසුන් බේරා ගැනීමට විදේශ ජාතික තරුණියක් ඒ ආසන්නයේ සිටි වෛද්‍යවරයෙක් යුද හමුදා සාමාජිකයන් පොලිසිය මෙන්ම ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් ගත් බවයි.

උපකාරක පන්තිවලට පැමිණෙන බවට නිවෙස්වලට පවසා මියගිය සිසුන් දෙදෙනා ඇතුලු 4 දෙනෙකු දිය නෑමට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57