මෙම වසරේ සිට නව රියදුරු බලපත්‍රයක් – පූර්ණ ශ්‍රවණාබාධිත අයටත් රියදුරු බලපත්‍ර

මෙම වසරේ සිට QR කෝඩ් සහිත නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා සඳහන් කළේ මේ අනුව මේවන විට පවතින රියදුරු බලපත්‍ර වර්ග 4 එකම රියදුරු බලපත්‍රයක් වශයෙන් ලබාදීමට කටයුතු කරන බවයි.

දැනට පවතින රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී නව QR කෝඩ් එක සහිත බලපත්‍ර ලබාදීමට පියවර ගැනෙනු ඇති.

මේ අතර පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය කාලය පුරා ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

විෂය භාර අමාත්‍යවරුන්ගේ උපදෙස් මත පසුගිය වසර අවසානයේ ලැබුණු කැබිනට් අනුමැතිය මත පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව රියදුරුන් 75 දෙනෙකුට රියදුරු පුහුණු බලත්‍ර ලබාදී එම කටයතු අධීක්ෂණය කළ බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ කියාසිටියේ.

එම අධීක්ෂණයේ ප්‍රතිඵල මත ලබන මාර්තු මාසයෙන් පසු මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළා.

මේ අතර අද දිනයේ සිට මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවෙනවා.

ඒ අනුව නව වාහනවල අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත් කිරීම, මෝටර් රථ පැවරීමේ MTA 6 හිමිකම් පැවරීමේ පෝරමය පිටු 12ක් දක්වා අඩු කිරීම, වැරදි කරන රියදුරන්ට අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම, සෆාරි වාහන ලියාපදිංචිය සහ අංක තහඩු ලබාදීම, දිවයින පුරා පිහිටි ගරාජ් ශ්‍රේණිගත කර නියාමනය කිරීම මෙන්ම වාහන ලියාපදිංචිය ඩිජිටල්කරණය කිරීම යටතේ E – motoring ක්‍රමය ක්‍රියාත්මක කිරීම සිදුවනවා.

උදාවූ නව වසරේ සිට රියදුරු කුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කෙරෙන අතර මේවන විට මෙම නව ක්‍රමවේදය ඇතුලත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් සියලු කටයුතු සැලසුම් කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේ.

එය ජනවාරි මාසයේ දෙවන සතිය වන විට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව අතර මාර්තු මාසයට පෙර මෙම ලකුණු ක්‍රමය ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළා.

රියදුරු බලපත්‍රයක් වෙනුවෙන් සම්පූර්ණ ලකුණු 24ක් හිමිවන අතර අදාළ ලකුණු ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

රියදුරෙක් කිසියම් වරදක් සිදු කිරීමේදී ඒ වෙනුවෙන් කැපෙන ලකුණු ප්‍රමාණයක් පවතින අතර ලකුණු 24 අවසන් වූ විට රියදුරු බලපත්‍රය අවලංගු වන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

නැවත රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා යළිත් මුල සිට ඉල්ලුම් කිරීමට සිදුවන බව ද ඔහු ප්‍රකාශ කළා.

එක් එක් වරදවල් සම්බන්ධයෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති අතර කිසියම් රියදුරෙක් අදාළ ලකුණු 24ම ලබාගත හොත් ඔහුට නව රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට සිදුවනවා.

කෙසේවෙතත් එම රියදුරාට තවත් වසරක කාලයක් ගතවන තෙක් නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි වන අතර රියදුරු බලපත්‍රයක් ලබාගැනීම වෙනුවෙන් ඉල්ලුම් කළ යුත්තේ වසරකට පසුව

වසරකට දිවයින පුරා විශාල අනතුරු සංඛ්‍යාවක් සිදුවන අතර මාර්ග අනතුරු හේතුවෙන් වසරකට ජීවිත තුන්දහසක් පමණ අහිමි වන බවයි කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

මෙම අනතුරු අවම කර ගැනීමේ අරමුණින් රියදුරු බලපත්‍ර ලකුණු ක්‍රමය හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

  1. තමන් වැරදි නොකර විනිතව රියදුරකු මෙන් ක්‍රියාකරනවනම්……..පොලිසියෙනුත් හරියට රාජකාරි කරනවනම්………මොන නිතියක් ගෙනාවත් කමක්නැ………..නිතියත් හරියට ක්‍රියාත්මක කරන්ඩත් ඔනා………



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51