AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේනයේ කියෙව් අගනුවර පිපිරීම් මාලාවක්

යුක්රේනයේ කියෙව් අගනුවර පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා. නගරාධිපති Vitaly Klischko ජනතාවට අනතුරු අඟවා ඇත්තේ ආරක්‍ෂිත ආවරණවල සිටින ලෙසටයි.

මෙම පිපිරීම් මාලාවත් සමග යුක්රේනය පුරා ගුවන් ප්‍රහාර සයිරන් නාද වූ බව ද සඳහන්.

එම සයිරන් නලාව නාදවීමෙන් ටික වේලාවකට අනතුරුවයි නගරාධිපතිවරයාගේ මෙම අනතුරු ඇඟවීම සිදු වුයේ.

අද මෙම ප්‍රහාර එල්ල වූයේ රුසියාව යුද්ධය ආරම්භයේ සිට එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරයෙන් දින දෙකකට පසුවයි.

නව වසරක් උදාවන මොහොතේ රුසියාව දැවැන්ත ප්‍රහාරයක් සිදු කළ හැකි බවට යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ද අනතුරු අඟවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?