රියදුරු බලපත්‍රයට ලකුණු දෙන ක්‍රමවේදය ලබන වසරේ මුල සිට

2023 වසරේ සිට රියදුරු කුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.

මේවන විට මෙම නව ක්‍රමවේදය ඇතුලත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් සියලු කටයුතු සැලසුම් කර ඇති අතර ජනවාරි මාසයේ දෙවන සතිය වන විට එය ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත් මාර්තු මාසයට පෙර මෙම ලකුණු ක්‍රමය ආරම්භ කරන බවයි ඔහු කියාසිටියේ.

රියදුරු බලපත්‍රයක් වෙනුවෙන් සම්පූර්ණ ලකුණු 24ක් හිමිවන අතර අදාළ ලකුණු ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

රියදුරෙක් කිසියම් වරදක් සිදු කිරීමේදී ඒ වෙනුවෙන් කැපෙන ලකුණු ප්‍රමාණයක් පවතින අතර ලකුණු 24 අවසන් වූ විට රියදුරු බලපත්‍රය අවලංගු වන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

නැවත රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා යළිත් මුල සිට ඉල්ලුම් කිරීමට සිදුවන බව ද ඔහු ප්‍රකාශ කළා.

එක් එක් වරදවල් සම්බන්ධයෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති අතර කිසියම් රියදුරෙක් අදාළ ලකුණු 24ම ලබාගත හොත් ඔහුට නව රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට සිදුවනවා.

කෙසේවෙතත් එම රියදුරාට තවත් වසරක කාලයක් ගතවන තෙක් නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි වන අතර රියදුරු බලපත්‍රයක් ලබාගැනීම වෙනුවෙන් ඉල්ලුම් කළ යුත්තේ වසරකට පසුව

වසරකට දිවයින පුරා විශාල අනතුරු සංඛ්‍යාවක් සිදුවන අතර මාර්ග අනතුරු හේතුවෙන් වසරකට ජීවිත තුන්දහසක් පමණ අහිමි වන බවයි කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

මෙම අනතුරු අවම කර ගැනීමේ අරමුණින් රියදුරු බලපත්‍ර ලකුණු ක්‍රමය හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Spot Fines


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31