මිලියන ගණන් ආසාදිතයන් වාර්තා කරමින් චීනය පුරා හමායන නවතම කොවිඩ් රැල්ලේ රහස්

චීන රජය විසින් සිදුකර ඇති ඇස්තමේන්තුවලට අනුව රටේ මිලියන 250 කට ආසන්න ජනතාවක් මේ දෙසැම්බර් මාසයේ පළමු දින 20 තුළ කොවිඩ්-19 වෛරස ආසාදිතයන් බවට පත්ව ඇති බව බ්ලුම්බර්ග්(Bloomberg News) ඇතුළු අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි.

එම ඇස්තමේන්තුව නිවැරදි නම්, මෙය සමස්ත චීන ජනගහනයෙන් සියයට 18ක තරමේ විශාල අගයක් වන අතර, එය වසංගතය ආරම්භයේ සිටම ගෝලීය වශයෙන් මේ දක්වා තනි රටකින් එකවර වාර්තාවූ විශාලතම කොවිඩ්-19 ආසාදනය වේ.

මෙම සංඛ්‍යා දත්ත පසුගිය බදාදා චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ (NHC) අභ්‍යන්තර රැස්වීමකදී ඉදිරිපත් කර ඇති අතර, ඒවායේ පිටපත් පසුව, කෙසේහෝ සමාජ මාධ්‍ය වෙත නිදහස් වී ඇත.

චීනයේ වර්තමාන සැබෑ තත්වය ලෝකයට අනාවරණය වන්නේ ඒ අනුවය.

CNN ඇතුළු අන්තර්ජාතික ජනමාධ්‍ය විසින් මෙම දත්ත ලොවට හෙළිකළ නමුත්, චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම (NHC) ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමෙන් වැළකී ඇත.

මාධ්‍ය විසින් අනාවරණය කර ඇති මෙම ඇස්තමේන්තුවට අනුව පසුගිය අඟහරුවාදා දිනයේ පමණක් චීනය පුරා මිලියන 37 ක ජනතාවක් අලුතින් කොවිඩ්-19 ආසාදනය වී ඇති බව අනාවරණය විය.

එහෙත් චීනය විසින් එදින නිල වශයෙන් ලොවට අනාවරණය කර තිබුණේ කොවිඩ්-19 ආසාදිතයන් 3,049 දෙනකු පිළිබඳව පමණකි. එහෙත් නවතම වාර්තාවන්ට අනුව චීනයේ කොවිඩ් පැතිරීමේ වේගය තවමත් ඉහළ යමින් පවතින අතර, බීජිං සහ සිචුවාන් හි ජනගහනයෙන් අඩකට වඩා දැනටමත් වෛරසය ආසාදනය වී තිබේ.

බීජිං වැනි නගරවල මිනිසුන් දහස් ගණනින් මිය යන බව මෙලෙස වාර්තා වන්නේ,චීනය සිය “ශුන්‍ය කොවිඩ්” ප්‍රතිපත්තිය හදිසියේම අතහැර දමා සති දෙකකට පසුවය.

චීන සමාජ මාධ්‍ය ඔස්සේ, මිනිසුන් සිරුරු වලින් පිරී ඇති මෘත ශරීරාගාරවල වීඩියෝ සහ ඡායාරූප දිගින් දිගටම ප්‍රසිද්ධියට පත්කිරීමත් සමගම තවදුරටත් සිය සංඛ්‍යාලේඛන පිළිබඳව ලොවට සඟවා සිටිය නොහැකි බව චීනය අවබෝධ කරගෙන සිටී.

කෙසේවෙතත් එහෙත් චීන රජය වසංගතය සම්බන්ධයෙන් පින්තාරු කරමින් සිටින්නේ භයානක බැවින් අඩු පින්තූරයක් බව බැලූබැල්මට පෙනීයයි.

වෛරසය හේතුවෙන් මරණ දහස් ගණනින් වාර්තා වුවද, චීනය කොවිඩ් මරණ ගණනය කරන්නේ, වෛරසය ශ්වසන අපහසුතාවයට සෘජු හේතුව නම් පමණක් බව සෞඛ්‍ය නිලධාරීන් පැහැදිලි කර ඇත.

එය පැහැදිලිවම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසයට ලබාදී ඇති නිර්වචනය විශාල අවතක්සේරුවකට ලක්කිරීමක් බව නම් පැවැසිය යුතුය.

පාලක චීන කොමියුනිස්ට් පක්ෂය හදිසියේ වසංගතය පාලනය කිරීමට උත්සාහ කිරීම නවතා දමා ඇති පසුබිමක ආසාදිතයන් හෝ මරණ සංඛ්‍යාව අඩු කොට දැක්වීම පිටුපස දේශපාලන දිරිගැන්වීමක්ද පවතින බව දැකිය හැකිය.

චීනයේ ඉහළම නායකයා වන ෂී ජින්පින්ග්, කොවිඩ් මරණ සීමා කිරීමේදී තම රට කලින් ලබා ගත් සාර්ථකත්වය බටහිරට වඩා චීනයේ උසස් බව පිළිබඳ සාක්ෂියක් ලෙස පසුගිය වසර තුනකට ආසන්න කාලය පුරාම නිරූපණය කර ඇත.

එම රඟපෑමට අනුව, රට තුල වාර්තාවන් මරණ විශාල සංඛ්‍යාවක් සමග ඔහු මවාපෑ ප්‍රතිරූපය තවදුරටත් නඩත්තු කළ නොහැකි වේ. චීනය සිය මරණ සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත් කරන්නේ නම්, එය පක්ෂයේ කීර්තියට විශාල පහරක් වනු ඇත.

එහෙත් වෛද්‍යවරුන් සහ අන්තර්ජාතික සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ සංඛ්‍යාලේඛන අවතක්සේරු කිරීම, වෛරසයේ අවදානම පිළිබඳ මහජනතාව තුල පවතින බිය උදාසීනත්වයට පත්කිරීමට හේතු වන බවයි.

සාමන්‍යයෙන් උණ සහ අනෙකුත් ශ්වසන ආසාදන වැඩි වීම නිසා ශීත ඍතුවේ දී චීනයේ මරණ වැඩි වේ.

කෙසේවෙතත් අවමංගල්‍ය සේවාවන්හි සේවය කරන පුද්ගලයන් පවසන්නේ මෙවර ශීත සෘතුවේ වෙනදාට වඩා මරණවල විශාල වැඩිවීමක් තමන් දැක ඇති බවයි. බීජිං සිට සැතපුම් 200ක් පමණ නිරිත දෙසින් පිහිටි නගරයක් වන Shijiazhuang හි Yong’an අවමංගල්‍ය සේවා ව්‍යාපාරයේදී සේවකයෙකු සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර ඇත්තේ පැවසුවේ තමා මසකට මරණ 10ක් පමණ හසුරුවන නමුත් දැන් දිනකට මරණ පහක පමණ අවසන් කටයුතු වෙනුවෙන් ඇමතුම් ලැබෙන බවයි.

කෙසේවෙතත් චීන සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් මරණ අඩුවෙන් ගණන් තැබීම පිටුපසද යම් කතාවක් තිබේ.

පසුගිය අඟහරුවාදා රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, බෝවන රෝග පිළිබඳ විශේෂඥ වැන්ග් ගුයිකියැන්ග් පැවසුවේ චීනය සංඛ්‍යාලේඛනවලට එක්කරනු ලබන්නේ නියුමෝනියාවෙන් හෝ කොවිඩ් නිසා ඇති වූ ශ්වසන අපහසුතාවයෙන් මියගිය අය පමණක් බවයි.

දැනට බහුලව පවතින ඔමික්‍රෝන් (Omicron) ප්‍රභේදය වැඩි වශයෙන් ඉහළ ශ්වසන මාර්ගයට ආසාදනය වන බැවින් මාරාන්තික නියුමෝනියාව අඩු වන බව ඔහු පැවසීය.

ඒ අනුව පැහැදිලිවම වෛරසය ආසාදනය වී නිධන්ගත රෝග ආසදනයවී මරණයට පත්වන්නන් සංඛ්‍යාලේඛනවලට ඇතුළු නොවන බවයි.

කෙසේවෙතත් චීනයේ උද්ගතව ඇති මෙම තත්වය පිළිබඳව ලොවට ඇති බිය වන්නේ, චීනයේ බිලියන 1.4 ක ජනතාවක් ප්‍රමාණවත් ලෙස එන්නත් කර නොමැති බවට වන සැකයයි. මේ නිසාම ඇතැම් සෞඛ්‍ය විශේෂඥයන් බිය පළකරන්නේ 2023 අවසන් වන විට වසංගතය හේතුවෙන් මිලියනයකට වඩා වැඩි පිරිසක් මියයනු ඇති බවටය.

යුරෝපය සහ එක්සත් ජනපදය සම්බන්ධයෙන් වන සැකය වන්නේ චීනයේ මෙම ව්‍යසනය හමුවේ ගෝලීය ආර්ථිකයට හානියක් වනු ඇතැයි යන්නය.

විශේෂයෙන් රුසියානු යුද්ධයෙන් සීමාවී ඇති ආහාර ඇතුළු ගෝලීය සැපැයුම් දාමයන් තවදුරටත් බිඳවැටෙනු ඇතැයිද, වෛරසය බහුල ලෙස ව්‍යාප්ත වීමෙන් නව වඩාත් මාරාන්තික වෛරස ප්‍රභේද බිහිවනු ඇතැයිද එම බියේ අනෙක් අන්තයයි.

මේ නිසාම සියලු අමනාපකම් පසෙක තබා, පිළිගත හැකි ඕනෑම ආකාරයකින් උදව් කිරීමට තමන් සුදානම් බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි මීට දින දෙකකට පෙර ප්‍රකාශ කළේය.

පෙරකී ආකාරයට, ජනාධිපති ෂී ජින්පිං දිගු කලක් තිස්සේ අවධාරනය කර ඇත්තේ චීනයේ ඒකපාර්ශ්වික ක්‍රමය රෝගය පාලනය කිරීමට වඩාත් සුදුසු බවයි. එසේම සිය එන්නත් තත්වයෙන් උසස් බවත් ජනාධිපතිවරයා නිරන්තරයෙන් පෙන්වාදුන් කාරණයක් විය.

එහෙත් විශේෂයෙන් එන්නත් සම්බන්ධ චීනය ප්‍රකාශ කළ සත්‍යය මේ වන විට සම්පුර්ණයෙන්ම බිඳවැටී ඇත. දැන් පැහැදිලිව පෙනෙන ආකාරයට චීනය කොවිඩ් ආසාදිතයන් පාලනය කරගෙන සිටියේ ජනතාවට පනවා තිබූ දැඩි කොවිඩ් මාර්ගෝපදේශ හේතුවෙන් මිස, චීන කොවිඩ් එන්නත්වල උසස් තත්වය නිසා නොවේ.

එන්නත් කළ ජනතාවගෙන් ඇති මහත් බහුතරයක්, පසුගියදා සීමාකිරීම් ලිහිල් කිරීමත් සමග නැවත වෛරසයට ගොදුරු වූයේ එන්නත්වල සැබෑ බලපෑමක් ඒ වන විට නොපැවැති බැවිනි. කෙසේවෙතත් චීනය දැන් පත්ව ඇත්තේ බාහිර ලෝකයෙන් උපකාර ලබාගතයුතු ස්ථානයකය.

විශේෂයෙන් වෛරසය පාලනය කිරීමට නම් ෆයිසර් ඇතුළු බටහිර ඖෂධවල සහාය චීනය විසින් අනිවාර්යයෙන් සිදුකළ යුතුව ඇත. එහෙත් මේ මොහොතේ බාහිර ලෝකයෙන් උපකාර ලබාගතහොත්, සිය ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව ලෝකය හමුවේ පාරම්බෑ ෂී ජින්පිංගේ අභිමානයට බරපතල කැළලක් වනු නියතය.

මෙම තත්වය මත චීනය පුරා හමා යන කොවිඩ්-19 වසංගතයේ නවතම සමස්ත ලෝකයටම නැවත වතාවක් උද්ගත කර ඇත්තේ බරපතල අවදාමකි.

විශේෂයෙන් චීනය විසින් රට තුල පවතින සැබෑ අවදානම ලොවට ප්‍රදර්ශනය නොකරන තාක්කල් එම අවදාමට පැහැදිලි විසඳුම් නිර්මාණය කරගැනීමට ලෝකයට හැකියාවක් ලැබෙන්නේ නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33