ජීව උණ්ඩ සමග ඇමරිකානු ජාතිකයෙක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපලින් විදෙස්ගත වීමට පැමිණි ඇමරිකානු ජාතිකයෙකුගේ ගමන් මල්ලේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ සහ මැගසිනයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තම ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් යළි සිය රට බලා යාමට පැමිණි ඇමරිකානු ජාතිකයෙකුගේ ගමන් මල්ලේ තිබී මෙම උණ්ඩ ඊයේ රාත්‍රී ගුවන්තොටුපල පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඇමෙරිකාවේ ටැක්සි රථ රියැදුරෙක් ලෙස කටයුතු කරන ඔහු 38 හැවිරිදි අයෙක්. ඔහු පසුගිය 7 වනදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ තිබුණා.

ඔහු සිය සංචාරය නිමා කර ආපසු පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් ඔහුගේ ගමන් මලු පරිලෝකන යන්ත්‍රයක් (Scan) ඔස්සේ පරීක්ෂා කිරීමේ දී මෙම ජීව උණ්ඩ සහ පතරොම් ගැබ සොයා ගෙන තිබෙනවා.

පසුව මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලිසිය දැනුවත් කර, සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඇමෙරිකානු ජාතිකයා ජපන් ජාතික පෙම්වතිය සමග මාළඹේ ප්‍රදේශයේ සිටින මිතුරියකගේ විවාහ උත්සවයකට සහභාගී වීම සඳහායි පැමිණ ඇත්තේ .

ඔහු ඇමෙරිකාව තුළ ගිනි අවි භාවිතය සදහා නීතිමය අවසරය සහිත බලපත්‍රලාභියෙක් බව සඳහන්.

ඔහු ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත ග්ලොක් (Glock 43 X) වර්ගයේ පිස්තෝලයක් භාවිතා කරන අතර, ඒ සදහා භාවිතා කරන අතිරේක උණ්ඩ සහ පතරොම් ගැබ වැරදීමකින් මෙසේ සිය ගමන් බෑගයේ දමා ගෙන ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම ගිනි අවිය සහ එය භාවිතා කිරීමට ඇමරිකාව විසින් ලබා දී ඇති බලපත්‍රය මෙන්ම මෙම විවාහ මංගල උත්සවය පිළිබඳව ද කටුනායක පොලිසියේ නිලධාරීන් විසින් අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර බලා තිබෙනවා.

මෙම අත් අඩංගුවට ගැනීම සිදු වන අවස්ථාවේ මෙම ඇමෙරිකානු ජාතිකයා සමග ඔහුගේ ජපන් ජාතික පෙම්වතිය ද සිටි අතර, ඇය එම අවස්ථාවේ දීම ඇමෙරිකාව බලා පිටත්ව යාමට නිදහස් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09