Red Wing ගුවන්යානයක් මත්තලට

රුසියාවේ සිට සංචාරකයන් 404ක් රැගත් රෙඩ්වින්ග්ස් (Red Wings) ගුවන්යානයක් අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළගාවුණා.

අද පෙරවරු 9.35ට පමණ මෙම ගුවන්යානය පැමිණි අතර මේ අනුව වසර දෙකකට පමණ කාලයකට පසුව මත්තල ගුවන්තොටුපලින් නැවතත් ගුවන් ආරම්භ කිරීම ද අද සිදු කෙරුණා.

රෙඩ්වින්ග්ස් ගුවන්යානය සතියකට දින දෙකක් මත්තලට පැමිණෙන බවයි සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේ.

මෙම සංචාරකයන් පැමිණීමේ අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුලු සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් ද එක්ව සිටි අතර කේක් කපා එම අවස්ථාව සැමරීම ද විශේෂත්වයක්.

මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කියාසිටියේ මෙරටට පැමිණෙන තුන්වන රෙඩ්වින්ග්ස් ගුවන්යානයේ සිට සංචාරකයන් හම්බන්තොට සිට නැවත පිටත්වීම ද ආරම්භ කෙරෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?