විදුලි බිලට වෙට්ටු දමා කෝටි ගණන් මුදල් ගැරූ සැකකරු අත්අඩංගුවට

විදුලි බිල්පත්වලට විශේෂ වට්ටම් ලබා දෙන බව පවසා විවිධ තරාතිරම්වල පුද්ගලයන් මුලාකර රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් වංචා කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

25 හැවිරිදි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියට හොර රහසේ ඇතුළු වූ කිසියම් පුද්ගලයකු පාරිභෝගිකයන් රැසක් රවටා ඇති බවට විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු කරන ලද පැමිණිල්ලක් අනුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාපාරිකයකු හා පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයකු වශයෙන් තමා සෙසු පුද්ගලයන්ට හඳුන්වා දී මාස තුනක පමණ කාලයකදී විවිධ ආයතන සහ පුද්ගලයන් 400කට ආසන්න ප්‍රමාණයක විදුලි බිල්පත් ගෙවන මුවාවෙන් මෙම වංචාව සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කැසිනෝ ක්‍රීඩාවට දැඩිව ඇබ්බැහිව සිටින සැකකරු එහිදී හමුවන උසස් ව්‍යාපාරිකයන් සමඟ මිතුරු වී ප්‍රකාශ කර ඇත්තේ තමන් හොඳින් දන්නා හඳුනන කැසිනෝ ක්‍රීඩා කරන ඉන්දියන් ජාතික මිතුරෙකු සිටින අතර ඔහු ඕනෑම පුද්ගලයකුගේ විදුලි බිල්පත් ඔහුට අයත් ක්‍රෙඩිට් කාඩ් පත මගින් අන්තර්ජාලය හරහා ගෙවන බවයි.

ඒ සඳහා විදුලි බිල්පතේ අයිතිකරුට 10% ත් 20%ත් අතර වට්ටමක් ලබා දී ඉන්දියන් ජාතික මිතුරාට ද සුළු වට්ටමක් ඇති බව පවසා මෙම කූට වංචාව සඳහා යොමු කරගෙන ඇතැයි පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

ක්‍රෙඩිට් කාඩ් පත මගින් විදුලි බිල් පතට මුදල් ගෙවීමෙන් පසු වට්ටම අඩු කර අදාළ මුදල ගෙවිය හැකි බවත් සැකකරුගේ විදුලි බිල්පත් ද ඒ ආකාරයෙන් ගෙවන බවත්, ගෙවන ලද මුදල සඳහන් කර බිල්පත ද ලබාදෙන පවසා තව තවත් විශ්වාසය තහවුරු කරගෙන ඇතැයි සඳහන්.

සැකකරු ඒ පිළිබඳ වර්ණනා කර විශේෂ වට්ටමක් ලබා දෙන බව පැවසීමෙන් අනතුරුව විශාල පිරිසක් ඔහුට තම ව්‍යාපාර ආයතනවලට අමතරව ව්‍යාපාර මිතුරන්ගේ විදුලි බිල්පත් ද ලබාදී වංචාවට හසු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඔවුන් එලෙස ලබා දී ඇත්තේ ඔවුන්ටද සුළු වට්ටමක් සැකකරු විසින් ලබාදෙන බවට පැවසීමෙන් අනතුරුවයි.

පරිගණක මෘදුකාංග ශිල්පය හා ක්‍රමවේද පිළිබඳ මනා දැනුමක් ඇති සැකකරු පාරිභෝගිකයන් හා විදුලිබල මණ්ඩලය අතර අන්තර්ජාල මුදල් ගෙවීම සඳහා භාවිතා කරන (online payment) තරමැදි මෘදුකාංගය හැක්කර මෙම වංචාව සිදුකර ඇති බවටයි සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශ කළේ.

මෙම ව්‍යාජ ගෙවීම සිදු කළ පසු විදුලිබල මණ්ඩලය අදාළ පාරිභෝගිකයා වෙත නිකුත් කරන ආකාරයට මුදල් තැන්පත් කළ විට ලැබෙන සනාථ කිරීම ඒ ආකාරයෙන්ම සිදුව ඇති බවට ද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

එකී රිසිට් පතෙහි ඡායාරූපයක් විදුලි පාරිභෝගිකයා වෙත ලබා දුන්න ද එකී මුදල් විදුලිබල මණ්ඩලය වෙත බැර වී නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ තිස්සමහරාමයේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කඩවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින්නෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57