AFC Banner
Empty Ad
Empty Ad

40ක් එක්ක ඉම්රාන් ඇවිත්

පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු 40 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පකිස්තාන ගුවන් හමුදාවට අයත් Pak 2 දරණ විශේෂ ගුවන් යානයෙන් සවස 4.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා විශේෂ හමුදා සම්මාන මුරයක් ද කටුනායක ගුවන් තොටුපොළේ පැවැත්වීණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?