රුමේනියාවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් මාට්ටු

ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 27 දෙනෙකු නීතිවිරෝධි ලෙස රුමේනියාවට ඇතුළුවීමට උත්සාහ කිරිමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ දෙකක් රුමේනියානු දේශසීමාවේදී පරීක්ෂා කිරිමේදී ඔවුන් මෙලෙස හසුවී තිබෙනවා. එක් ට්‍රක් රථයක් පරීක්ෂා කිරිමේදී එරිත්‍රියානු සහ බංග්ලාදේශ ජාතිකයින් 17 දෙනෙකු සොයාගෙන තිබේ.අනෙක් ට්‍රක් රථය පරීක්ෂා කිරීමේදී එහි ශ්‍රී ලාංකිකයින් සහ පාකිස්තාන ජාතිකයින් 11 දෙනෙකුට වැඩි පිරිසක් සිට ඇති බවද වාර්තාවී ඇත.මෙම පුද්ගලයින් අවුරුදු 21ත් 42ත් අතර වයසේ පසුවන්නන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ