ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පන්දුවාර 20 හා එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම තරගාවලිය 2023 ජනවාරි 3 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය පන්දුවාර 20 කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ හර්දික් පාණ්ඩ්‍යි.

උපනායක සූර්යකුමාර් යාදව්, ඉෂාන් කිෂාන්, රුතුරාජ් ගයික්වාඩ්, ශුබ්මන් ගිල්, දීපක් හූඩා, රාහුල් ත්‍රිපාති, සංජු සැම්සන් (කඩුළු රකින්නා), වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චාහල්, අක්සාර් පටෙල්, අර්ෂ්දීප් සිං, හර්ෂල් පටෙල්, උම්රාන් මලික්, ශිවම් මාවි, මුකේෂ් කුමාර්

එක්දින සංචිතයේ නායකත්වය රෝහිත් ෂර්මාත්, උපනායකත්වය හර්දික් පාණ්ඩ්‍යාත් දරණ අතර

ශුබ්මන් ගිල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, ශ්‍රෙයාස් අයියර්, කේඑල් රාහුල්, ඉෂාන් කිෂාන් (කඩුළු රකින්නා), වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදෙව්, අක්සාර් පටෙල්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ් , උම්රාන් මලික්, අර්ෂ්දීප් සිං ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරගවදින ඉන්දීය කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් වනවා.