තවත් එක ම පවුලේ දෙදෙනෙකුගේ ජීවිත කාලගුණයෙන් උඳුරාගනී

එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ මහනුවර – අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන්.

පවතින අධික වර්ෂාවත් සමඟ නිවස ආසන්නයේ පිහිටි පස් කන්ද නායයෑමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 18 සහ 19 හැවිරිදි වයස්වල පසුවන දෙදෙනෙකුයි. අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ පස්දෙනෙකු සිට ඇත.

මෙම අවස්ථාවේ මියගිය අයගේ මව සහ පියාද සිට ඇති අතර ඔහුද පස් කන්දට යටවීමෙන් බරපතල තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මවට සහ පියාට අනතුරෙන් කිසිදු හානියක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?