කැනඩාවේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසකට තුවාල

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ නගරාන්තර දුම්රියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

උෂ්ණත්වය -3.9C දක්වා පහත වැටුණු මෙරිට් නගරය ආසන්නයේ දී මෙම අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වික්ටෝරියා සිට සැතපුම් 160ක් පමණ දුරින් සිදුවූ මෙම අනතුරට හේතුව කුමක්දැයි මෙතක් අනාවරණ වී නැහැ.

අනතුරින් පසු 53 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඩේවිඩ් එබි පැවසුවේ මෙම බරපතළ අනතුර සම්බන්ධයෙන් තමා කම්පනයට සහ කණගාටුවට පත් වූ බවයි.

සෙනසුරාදා නිකුත් කරන ලද විශේෂ කාලගුණ ප්‍රකාශයකට අනුව අධික හිම, අයිස් කැට සහ හිම කැට වර්ෂාව හේතුවෙන් Okanagan Connector ප්‍රදේශවල ගමනාගමනය සම්බන්ධයෙන් ද අනතුරු අඟවා තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැනඩාවේ විශාලතම නගර දෙක වන ටොරොන්ටෝ සහ මොන්ට්‍රියල් අතර සියලුම දුම්රිය සේවා නත්තල් දිනය ද දී ඇති අද දිනයේ අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?