ෆොටෝ කොපි මිල ඉහළ යයි ද ? (විඩියෝ)

ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කරන්නේ නම් ෆොටෝ කොපි මිල, ප්‍රින්ට් අවුට් මිල ඇතුළු මිල ගණන් ද අවම වශයෙන් රුපියල් 5කින් පමණ ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ විදුලි බිල ඉහළ නැංවුව ද අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හමුවේ කොමියුනිකේෂන් හිමිකරුවන්ට ආදායමක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

විදුලි බල මණ්ඩලය පාඩු ලැබීමට හේතුව හෙළි කරන ලෙසට කංචන විජේසේකර අමාත්‍යවරයාට අභියෝග කරන බවද ඔහු ප්‍රකාශ කළා.

විදුලි බිල වැඩිවීම හමුවේ සෑම ක්ෂේත්‍රයකම සෑම භාණ්ඩයකම මිල ඉහළ යනු ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

වැඩි කිරීම් හමුවේ ජනතාව අපහසුතාවට පත්වීමේ වගකීම විෂය භාර ඇමතිවරයා භාර ගත යුතුව ඇති අතර ව්‍යාපාර බංකොලොත් කර ජනාධිපතිවරයා මත වරද පැටවීම සිදු නොකළ යුතු බවයි ඉන්ද්‍රජිත් පෙරේරා කියාසිටියේ.

ජනතාව මේ ආකාරයෙන් තලා පෙලා ගසා කෑමට උත්සාහ කරන්නේ නම් ජනතාව පාරට බැසීම වැළැක්වීමට නොහැකි බව ද ඔහු අවධාරණය කළා.

ජනතාව පත්වන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන අතර විදුලි කප්පාදුව සහ විදුලි බිල වැඩිවීම හමුවේ ව්‍යාපාර කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇතැයි ද කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.

රජය සහන ණය ලබාදෙන බවට පැවසුව ද කොමියුනිකේෂන් හිමිකරුවන්ට කිසිදු ණය මුදලක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවටයි ඔවුන්ගේ චෝදනාව වන්නේ.

https://youtu.be/8wudFju0ook
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23