AFC Banner
Empty Ad
Empty Ad

ෆොටෝ කොපි මිල ඉහළ යයි ද ? (විඩියෝ)

ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කරන්නේ නම් ෆොටෝ කොපි මිල, ප්‍රින්ට් අවුට් මිල ඇතුළු මිල ගණන් ද අවම වශයෙන් රුපියල් 5කින් පමණ ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ විදුලි බිල ඉහළ නැංවුව ද අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හමුවේ කොමියුනිකේෂන් හිමිකරුවන්ට ආදායමක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

විදුලි බල මණ්ඩලය පාඩු ලැබීමට හේතුව හෙළි කරන ලෙසට කංචන විජේසේකර අමාත්‍යවරයාට අභියෝග කරන බවද ඔහු ප්‍රකාශ කළා.

විදුලි බිල වැඩිවීම හමුවේ සෑම ක්ෂේත්‍රයකම සෑම භාණ්ඩයකම මිල ඉහළ යනු ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

වැඩි කිරීම් හමුවේ ජනතාව අපහසුතාවට පත්වීමේ වගකීම විෂය භාර ඇමතිවරයා භාර ගත යුතුව ඇති අතර ව්‍යාපාර බංකොලොත් කර ජනාධිපතිවරයා මත වරද පැටවීම සිදු නොකළ යුතු බවයි ඉන්ද්‍රජිත් පෙරේරා කියාසිටියේ.

ජනතාව මේ ආකාරයෙන් තලා පෙලා ගසා කෑමට උත්සාහ කරන්නේ නම් ජනතාව පාරට බැසීම වැළැක්වීමට නොහැකි බව ද ඔහු අවධාරණය කළා.

ජනතාව පත්වන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන අතර විදුලි කප්පාදුව සහ විදුලි බිල වැඩිවීම හමුවේ ව්‍යාපාර කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇතැයි ද කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.

රජය සහන ණය ලබාදෙන බවට පැවසුව ද කොමියුනිකේෂන් හිමිකරුවන්ට කිසිදු ණය මුදලක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවටයි ඔවුන්ගේ චෝදනාව වන්නේ.

https://youtu.be/8wudFju0ook
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනවාරි පළවෙනිදා තෙල් මිලේ වෙනසක් ? - අගමැතිනිගෙන් පිළිතුරු
02:37
Video thumbnail
ජනපති නියමයෙන් ඇරුණු අධි ආරක්‍ෂිත කලාපයේ රවුමක් යමුද
03:32
Video thumbnail
🛑Breaking News
02:16
Video thumbnail
රනිල් - සජිත් සාකච්ඡාව ගැන දයාසිරි කට අරී -දේශපාලන අර්බුධයක් ගැන - හෙළිදරව්වක්
02:25
Video thumbnail
අගමැතිනිගෙන් දැඩි තීන්දුවක් - සන්ධර්ෂණ කරන එක අඩු කරන්න ඕනි #hariniamarasuriya #npp
01:46
Video thumbnail
Club වසන්තගේ සිද්ධියේ සැකකරුවන්ට - අද ලැබුණු නියෝගය - ජනපති ආගමනයෙන් සියල්ල උඩු යටිකුරු වෙයි..
01:15
Video thumbnail
හරිනි හදිසියේ ක්‍රීඩා අමාත්‍යංශයට කඩා පනී - ආක්‍රමිකතා රැසක් එළියට #hariniamarasuriya #npp
07:02
Video thumbnail
ජය - පරාජය සාමන්‍ය දෙයක් - අපේ අගමැති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ #namal_rajapaksha
02:33
Video thumbnail
මන්ත්‍රීවරු 03දෙනෙකුගෙන් - ජනාධිපතිවරණයක් දිනපු - ලෝකේ එකම නායකයා - අනුර කුමාර දිසානායක
01:42
Video thumbnail
ජපන් තානාපතිවරයා හදිසියේ - ජනාධිපති ලේකම් හම්බවෙයි #npp #akd #anurakumaradissanayaka
01:09

?