AFC Banner
Empty Ad
Empty Ad

අද සහ හෙට දේවස්ථාන අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්

අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන නත්තල් දේව මෙහෙයන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

දේවස්ථානවලට සහ බැතිමතුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

විශේෂයෙන් රාත්‍රී කාලයේ දේවස්ථාන අසල ආරක්ෂාව මෙන්ම රථ වාහන පාලනයට අවශ්‍ය පියවර ගැනීමට මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම සුවිශේෂී ස්ථාන වෙත ඇත් නම් ඊට සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන් හෝ බුද්ධි නිලධාරීන් යෙදවීමටයි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම හෙට (25) උදෑසන දේවස්ථානවල පැවැත්වෙන දේව මෙහෙයන් වෙනුවෙන් මහජනතාවට සහභාගී වීමට අවශ්‍ය ආරක්ෂාව සහ රථ වාහන පාලනයට ද පියවර ගැනෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

බස්නාහිර පළාතේ දේවස්ථානවල දායකයන්ගෙන් ද සමන්විත කමිටු සකස් කර දේව මෙහෙයන්වලට එක්වන පිරිස් හඳුනා ගැනීමට සහ සැක කටයුතු පිරිස් හඳුනා ගැනීමට ද සැලසුම් සකස් කර තිබෙනවා.

දිවයින පුරා ආරක්ෂාව සහ රථ වාහන පාලනයට පියවර ගන්නා ලෙසට සහ දේවස්ථානවල පූජකතුමන්ලාගෙන් විමසා අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙසටයි පොලිස්පතිවරයා පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

https://youtu.be/K3ausL9UG6k
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?