දරුවන්ට මව සහ පියා අහිමි කළ වන අලි ප්‍රහාරය

තම කුඹුරේ පැල් රකිමින් සිටි අඹුසැමි යුවළක් වන අලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කැබිතිගොල්ලෑව සියඹලාගස්වැව ප්‍රදේශයේදී මෙම වන අලි පහරදීම සිදුවී ඇති අතර ඔවුන් වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද අලුයම මියගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊයේ (23) මධ්‍යම රාත්‍රි 12 ට පමණ වන අලි ප්‍රහාරය සිදුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ තිත්තගෝනෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි අඹුසැමි යුවළක්.

ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ මියගිය යුවළගේ නිවස පිටුපසට මීටර් සීයක් පමණ දුරින් පිහිටා තිබූ කුඹුරක අඩි 12ක් පමණ උසට කණු සිටුවා සකසා තිබූ පැලක මොවුන් පැල් රකිමින් සිට ඇති බවයි.

මධ්‍යම රාත්‍රී 12ට පමණ එකවර ම තනි අලියෙකු මෙම පැලට කඩා වැදී ඇති බවයි හෙළිවී ඇත්තේ.

අලියාගේ පහරදීමෙන් අඹුසැමි යුවළ ද සමඟ පැල සම්පූර්ණයෙන් බිමට කඩා වැටී ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව ඥාතීන් විසින් ගිලන් රථයක් ගෙන්වාගෙන තුවාල ලැබූ මෙම යුවළ කැබිතිගොල්ලෑව රෝහලට රැගෙන ගොස් තිබුණා.

ඔවුන්ගේ තත්වය බරපතල බැවින් පසුව වව්නියාව මහ රෝහලට මාරු කර යැවීමටයි වෛද්‍යවරුන් කටයුතු කර ඇත්තේ.

පොලිසිය පවසන්නේ එහිදී අද අලුයම 2ට පමණ ඔවුන් මියගොස් ඇති බවයි.

වන අලියාගේ පහරදීමෙන් අඹුසැමි යුවළගේ පපුවෙන් පහළ කොටස්වලට බරපතල හානි සිදුවී තිබු බවද හෙළිවී තිබෙනවා.

මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?