මුදලට ගත් සුරූපී නළඟනන් සමග මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පිරිසක් අත්අඩංගුවට

මුදලට ගත් සුරූපී නළඟනන් 4දෙනකු සමග මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පුද්ගලයන් පස් දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අතර බඩෝවිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බිත්තරයා සහ අජාගේ පුතා ද වන බවයි පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ.

සැකකරුවන් සමග හෑෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 600ක් සහ හඳුනා නොගත් මත් පෙති වර්ග තුනක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දින එකහමාරක් පුරා අඛණ්ඩව පැපිලියාන ප්‍රදේශයේ නිවසක පිරිසක් එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමක් හෝ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් තරුණියන් කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන්නියන් වන අතර සැකකරුවන් දෙදෙනෙක් එම සුරූපී නළඟනන් සාදය සඳහා මුදලට ගෙන්වාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකාරියන් සිව්දෙනා කොළඹින් දුරබැහැරවල පදිංචිකාරියක් බවත් සැකකරුවන් කොළඹ අවට පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සියලුම සැකකරුවන් සහ සැකකාරියන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32