හදිසි රෝගී තත්වයක් හේතුවෙන් වසන්ත මුදලිගේ බන්ධනාගාර රෝහලට

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇතැයි බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ශ්වසන ආබාධයක් සහ අධි රුධිර පීඩන තත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

එම සංවිධානයේ නියෝජිතයන් අද පෙරවරුවේ වසන්ත මුදලිගේ බැලීම සදහා බන්ධනාගාරට පැමිණි අවස්ථාවේදී මේ බව සඳහන් කලා.

මෙහෙදී අදහස් දැක්වූ ටැම්පිටියේ සුගතානන්ද හිමි….

වසන්ත මුදලිගේව හිරකර තබා ගැනීම ආසාධාරණ යි. වහාම ඔහුව නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. රජය මේ වෙලාවේ ශිෂ්‍ය ව්‍යාපාර සහ කම්කරු ව්‍යාපාර මර්ධනය කරන්න හදන්නේ.

අපිව එහෙම බය කරලා මර්ධනය කරන්න හම්බවෙන්නේ නෑ. මාස ගානක් බන්ධනාගාරය ඇතුලේ තියන් සෙල්ල දාන්න හදන්න එපා. මොවුන් උත්සහ කරනවා මේ වගේ රෝගාබාධවලට ගොදුරු කරලා මේ අයව දුර්වල කරලා දාන්න.
මානසික පීඩා කායික පීඩා ඇති කරලා රජයට විරුද්ධ අයව මර්ධනය කරන්න හදන්නේ.

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් වල සහ අනිත් ක්‍රියාකාරී සහෝදරවරු ප්‍රමාණයකුත් බන්ධනාගාර ගත කරලා ඉන්නවා. රනිල් රාජපක්ෂට අපි,කියන්නේ වහාම මේ මර්ධනය නතර කරන්න කියලා…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46