යුද්ධය ගැන රුසියා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

යුක්රේනයේ පවතින යුදමය වාතාවරණයට රුසියාව වගකිව යුතු නොමැති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

මෙම තත්වය රටවල් දෙකම ඛේදවාචකයක් බෙදාහදා ගැනීමක් බවට විශ්වාස කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සමඟ රූපවාහිනී සංවාදයකදී රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ තමන් යුක්රේනය සහෝදර ජාතියක් ලෙස සැමවිටම දකින බවයි.

ඔහු කියා සිටියේ මෙම ගැටුම තුන්වන රටවල ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් මිස රුසියානු ප්‍රතිපත්තියට අනුව සිදුවන්නක් නොවන බවයි.

ඔහු මෙම සාකච්ඡාවේදී මෙලෙස පවසා තිබෙනවා.

“වසර ගණනාවක් තිස්සේ, අපි ණය සහ බලශක්තිය ලබා දෙමින් යුක්රේනය සමඟ හොඳ අසල්වැසි සබඳතා ගොඩනඟා ගැනීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැහැ. අපට චෝදනා කිරීමට කිසිවක් නැහැ, අපි සැමවිටම යුක්රේනියානුවන් සහෝදර ජනතාවක් ලෙස දකිනවා. මම තවමත් සිතන්නේ එයයි.
දැන් සිදුවෙමින් පවතින්නේ ඛේදවාචකයක්, නමුත් එය අපගේ වරදක් නොවේ.”

දේශනය අතරතුර හමුදා නිලධාරීන් විශේෂ හමුදා මෙහෙයුම 2023 වසර දක්වා අඛණ්ඩව කරගෙන යාමට පොරොන්දු වී තිබෙනවා.

රුසියාව ඒ වෙනුවෙන් වියදම් කරන මුදලට සීමාවක් නොමැති බවයි ජනාධිපති පුටින් පවසා ඇත්තේ.

ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු රුසියානු හමුදා සේවයේ අනිවාර්ය වයස් සීමාව වැඩි කිරීමට ද එහිදී යෝජනා කර තිබෙනවා.

වත්මන් නීතියට අනුව, වයස අවුරුදු 18-27 අතර රුසියානුවන් අනිවාර්ය හමුදා සේවය සඳහා කැඳවිය හැකියි.

ආරක්ෂක අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ එම වයස් සිමාව අවුරුදු 21-30 දක්වා වෙනස් කරන ලෙසටයි.

රුසියානු ප්‍රහාරයේදී අත්පත් කරගත් බර්ඩියන්ස්ක් සහ මරියුපෝල් යන වරාය නගර දෙකක කඳවුරු පිහිටුවීමේ සැලසුම් ද මෙම හමුවේදී නිවේදනය කර තිබෙනවා.

යුක්රේන නායක වොලොඩ්මියර් සෙලෙන්ස්කි වොෂින්ටනයේ එක්සත් ජනපද අගනුවර වෙත ගිය අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශ සිදුකිරීම විශේෂත්වයක්.

මාස 10කට පෙර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඔහු යුක්රේනයෙන් පිටත සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51