AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්ත්වය ගැන අනාවැකියක්

ඉදිරි දින කිහිපය තුල ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්ත්වය යම් තරමකට අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

බොහෝ ප්‍රදේශවල මේවනවිට වායුගුණ තත්ත්වය හොඳ මට්ටමකට පැමිණ ඇති බව දැනට පවතින කාලගුණික තත්ත්වය මත ප්‍රකාශ කළ හැකි බවයි ඔවුන් සඳහන් කළේ.

මෙම තත්ත්වය කාලගුණික තත්ත්වයන් මත විටින් විට වෙනස්විය හැකි අතර සමස්ථයක් වශයෙන් ඉදිරි දින කිහිපය තුල වායු දූෂණ තත්ත්වය යම් තරමකට අඩුවනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරනවා.

අද උදෑසන වායු ගුණ තත්ත්වය සැලකීමේදී ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල අංශ්වාසික ශුද්‍ර අංශු (PM2.5) ප්‍රමාණය යාපනය, පුත්තලම හා බදුල්ල නගරවල ඇමරිකානු වායුගුණ තත්ත්ව දර්ශකය (US AQI)101-150 ත් අතර අගයක පවතින අතර කොළඹ, කුරුණෑගල, වවුනියාව, මහනුවර, ගාල්ල, මුලතිවු යන නගරවල ඇමරිකානු වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යයම (US AQI 50-100) තත්වයක පවතිනවා.

320524258 3368110263407248 7974777822638621116 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?