දිස්ත්‍රික් දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රිික් දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්වල අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සැලකිලිමත් වන ලෙසටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ.

මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල අඹන්ගඟ කෝරලේ යටවත්ත සහ ලග්ගල පල්ලේගම ප්‍රදේශවල ජනතාව අවදානයෙන් පසුවිය යුතුයි.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයේ අවදානම් ස්ථානවල ජීවත්වන ජනතාව ද සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවටයි දැනුම් දෙන්නේ.

මේ අතර අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඊසානදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර උතුර නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකිලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින තුන තුලදී බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ වෙත ළගාවීමේ හැකියාවක් පවතිනවා.

මධ්‍යම බෙංගාල බොක්ක සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා වැඩිවිය හැකි අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ විය හැකියි.

කොළඹ සිට පුත්තලම කන්කසන්තුරය ත්‍රිකුණාමලය මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 55ක් පමණ දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තද සුළං සමග එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12