ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් පිරිසකගේ වධහිංසා හේතුවෙන් ජීවිතක්ෂයට

බොරැල්ල සුසාන භූමිය තුළදී ගෙල සිර වන සේ පිරිසකගේ කූර  වධහිංසාවට ලක්වූ  ජනශක්ති  සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්නර් මහතා  කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 15 රාත්‍රී මියගිය බව බොරැල්ල පොලිසිය කියය

මියයන විට ඒ මහතා 51 හැවිරිදි වියේ පසුවිය.

රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු   හමුවීම සඳහා යන බව බිරිඳට පවසමින්  කුරුඳුවත්ත  මල් පාර නිවසින් සභාපතිවරයා ඊයේ 15 දහවල් පිටත්ව ගොස් තිබූ බව පොලීසිය කියයි

ඔහුගේ බිරිඳ මද වේලාවක දී ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකථනය ක්‍රියා විරහිත ව තිබී ඇති අතර බිරිඳ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය කියයි

වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා  බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇති අතර  ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපති වරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමාසිරකර තිබෙන අයුරු දැක තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

වහා  ක්‍රියාත්මක වූ විධායක නිලධාරියා  සුසාන භූමියේ කම්කරු සේවකයකු ගේ උදව් උපකාර ඇතිව  සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙල තද වන ලෙස ගැටගසා තිබූ  වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර  ලබමින් සිටි සභාපතිවරයාගේ කිසිදු ප්‍රකාශයක් ගැනීමට නොහැකි වන ලෙස ඔහු දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවත් ඊයේ රාත්‍රී 11.30 ට  පමණ ඔහු මියගිය බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය 

සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයෙකු දැක තිබූ බව පොලිසිය කියයි

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල්  කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාට ලබාගෙන තිබෙන අතර   ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිලි තුනක්ද සභාපතිවරයා සිදුකර ඇති  බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

කිසියම් පිරිසක් එක්ව සභාපති වරයා පැහැරගෙන සුසාන භූමිය වෙත රැගෙන විත් මෙලෙස කූර වද හිංසා කර ගෙල සිර කිරීම හේතුවෙන් ඝාතනය වන්නට ඇති බව බොහෝ දුරට සැක කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසීය

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ  ජේ එම් ආර් සමරසිංහ  මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39