මම ඒක ප්‍රතික්ෂේප කළේ මම ආස නැති හින්දා – නිනෝ අරලිය ජයකොඩි

මේ දවස්වල විකාශනය වන බ්‍රෝ ටෙලිනාට්‍ය බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙලා තියෙනවා. ඒ වගේම එහි ටියුබා ගැනත් බොහෝ අය කතා කරනවා. නිනෝ අරලිය ජයකොඩි තමයි ටියුබා විදියට බ්‍රෝ හරහා අපිට සමීප වෙන්නේ. බ්‍රෝ එක්ක විතරක් නෙවෙයි නිනෝ වසර ගණනාවක ඉඳන්ම බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්ත රංගන ශිල්පියෙක්. බ්‍රෝ ගැන නිතරම කතා වෙන හින්දා අපි බ්‍රෝ අමතක කරලා නිනෝ එක්ක කතා කරන්න හිතුවා.

මේ දවස්වල බ්‍රෝ ගැන හැමෝම කතා කරනවා. ඒකෙන් පස්සේ නිනෝව දකින්න ලැබෙන්නේ මොන විදියටද?
බ්‍රෝ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් දැන් ඉවරයි. කසුන් මහේන්ද්‍ර හීනටිගලගේගේ අලුත් ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. එහි රූගත කිරීම් ලබන මාසයේදී ආරම්භ වෙන්න නියමිතයි.

චිත්‍රපට ගැන කතා කළොත්?
දැනට වැඩ ඉවර කෙරුව චිත්‍රපට නම් එකක්වත් නැහැ. ඒත් අලුත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. කොවිඩ් තත්ත්වය හින්දා එහි වැඩ කටයුතු දිනෙන් දිනම පස්සට ගියා. ලබන අප්‍රේල් මාසයේදී එහි රූගත කිරීම් පටන් ගන්න දැනට නියමිත වෙලා තියෙනවා.

හැබැයි කොවිඩ් හින්දා නෙවෙයි ඊට කලිනුත් නිනෝ වැඩිය පේන්න හිටියේ නැහැ කියලයි අපට හිතෙන්නේ?
ඔව්. ඒකේ ඇත්තක් තියෙනවා.

ඒකට හේතුව ඔබ කලා ලෝකයෙන් ඈත් වෙලා හිටිය එක කියලා කිව්වොත්?
මම කවදාවත් මේ ක්ෂේත්‍රයෙන් ඈත් වුණේ නැහැ. මම හැමදාම හිටියා. ඒත් මට වැඩ හම්බ වුණේ නැහැ. ඒ ඇයි කියලා නම් මම දන්නේ නැහැ.

ඒත් ඔබට ලැබුණු අවස්ථා ප්‍රතික්ෂේප කළා කියලා අපි අහලා තියෙනවා?
නැහැ. ඔය කියන්නේ මම ප්‍රතික්ෂේප කෙරුව සමලිංගික චරිතය ගැන. ඇත්තටම මම ඒක ප්‍රතික්ෂේප කළේ මම ඒකට ආසා නැති හින්දා. සමලිංගිකත්වය කියන්නේ හරිම අප්‍රසන්න දෙයක්. මම ඒක විවේචනය කරනවා නෙවෙයි. ඒත් මම ඒකට ආසා නැහැ. මට එවැනි චරිතයක් කරන්න බැහැ. ඒ හේතුව හින්දයි මම ඒ චරිතය ප්‍රතික්ෂේප කළේ. එහෙම නැතිව මම කවදාවත් කිසිම චරිතයක් එපා කියලා නැහැ. ඒ වගේම කලාවෙන් ඈත් වුණෙත් නැහැ.

හැබැයි ඔබට ලැබුණු හොඳ අවස්ථා කිහිපයකුත් වෙනත් හේතු මත නැති කර ගත්තා නේද?
2010, 2011 අවුරුද්දේ එහෙම දෙයක් වුණා. චිත්‍රපට දෙකක මට ලැබුණු හොඳ චරිත දෙකක් මම නැති කර ගත්තා. ආදර සම්බන්ධයක් නිසා ඇති වුණු දෙයක් තමයි ඒකට හේතු වුණේ. ඒ කාලේ ඉතිං පොඩි වයසනේ. ආදරයෙන් අන්ද වෙලා හිටියේ. හැබැයි දැන් නම් ඒ ගැන කනගාටුවක් හිතේ තියෙනවා.

අපි පොඩ්ඩක් අතීතයට යමු. කොහොමද ඔබ කලාව එක්ක සම්බන්ධ වුණේ?
“මධූ නම් ඇය” තමයි මගේ පළමු ටෙලිනාට්‍ය වුණේ. එතැනින් පස්සේ මම මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ රංගන පාසලට සම්බන්ධ වුණා. එහිදී තමයි මට නෙහාරා පීරිස්ව හම්බ වුණේ. ඒ හරහා තමයි සන්ධ්‍යා පීරිස් මහත්මිය මට හමු වුණේ. ඒ සම්බන්ධය මත තමයි රුවන් මාළිගා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය මට ලැබුණේ.

නිනෝව රටම හඳුනා ගත්තේ ඒකෙන් කිව්වොත්?
ඒක හරියටම හරි. අදටත් ඒ ගැන තමයි බොහෝ දෙනා කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි. මම ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය රඟපෑව එකම අවස්ථාවත් රුවන් මාළිගා තමයි.

චිත්‍රපටවලට සම්බන්ධ වුණු විදිය මතක් කළොත්?
මචං තමයි මගේ පළමු චිත්‍රපටය. ඊට පස්සේ චිත්‍රපට කිහිපයකම රඟපාන්න අවස්ථාව ලැබුණා.

මං හිතන්නේ නිනෝ ලයිව් ඒ අතරෙන් සුවිශේෂීයි?
ඇත්තටම. නිනෝ ලයිව් රූගත කෙරුවේ 2009දි වුණත් ඒක තිරගත වුණේ 2017දි. හැබැයි ඒ කාලය පුරාම බොහෝ අය ඒ ගැන කතා කළා.

ඇත්තටම නිනෝ කියන නම ඔබට ලැබුණේ චිත්‍රපටය හින්දද? නැත්නම් චිත්‍රපටයට ඔබ හින්දා නම ලැබුණද?
මේක මගේ උප්පැන්න සහතිකයේ එන නම. චිත්‍රපටයේ ප්‍රචාරණය වෙනුවෙන් තමයි නිනෝ ලයිව් කියන එක යොදා ගත්තේ.

ඔබ දැන් ක්ෂේත්‍රයට ඇවිත් බොහෝ කාලයක් ගත වෙලා ගිහින්. මේ ආව කාලය ගැන මොකද හිතෙන්නේ?
මම හරියට වැඩක් කළේ නැහැ කියලයි මට හිතෙන්නේ. ඒක මම නිතරම කියන දෙයක්. ඒක මගේ හිතට දැනෙන දෙයක්. මට හොඳ චරිතයක් ලැබුණේ නැහැ කියලා මට හිතෙනවා. හැබැයි ඒකට හේතුවත් මටත් හොයා ගන්න බැහැ. එක අතකින් ගතවුණු කාලය ගැන කනගාටුවකුත් තියෙනවා.

ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් වේවිද?
අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනෑ. අපේ ජීවිත කාලය ඉතාම කෙටියි. මේ කාලය තුළ හැමදාම මතක හිටින දෙයක් කළ යුතුමයි.

ඒ වෙනුවෙන් මොනවා හරි සැලසුමක් තියෙනවද?
සැලසුම් ගැන කතා කරනවාට වැඩිය දෙයක් කරලා පෙන්වන එක හොඳයි කියලයි මම හිතන්නේ. ඒ හින්දා අපි ඒක ඉදිරියේදී බලමු.

අවසන් වශයෙන් ඔබේ ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ?
මම ඒ හැමෝටම හරිම ආදරෙයි. මම වැඩිය පේන්න හිටියේ නැති වුණත් ඒ ආදරය කවදාවත් අඩු වුණේ නැහැ. කොහෝ ගියත් ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා. මම හැමදාමත් ඒ අයට ආදරෙයි කියන එක තමයි කියන්න තියෙන්නේ.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “මව්රට” පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23