AFC Banner
Empty Ad
Empty Ad

දැඩි චෝදනාවක් – කොරෝනා මරණ සගවනවා.. සංඛ්‍යාලේඛණ වැරදියි.

කොවිඩ් ආසාදනය වීමෙන් වන මරණ පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ සිදුව ඇති මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි. රසායනාගාරවල දී ආසාදිතයන් ලෙස හඳුනාගන්නා කොරෝනා ආසාදිතයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන සංඛ්‍යා ලේඛන අතර විශාල වෙනසක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ආසාදිතයන් 5000 ක පමණ වෙනසක් එහි ඇතැයිද පවසන සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඒ සම්බන්ධයෙන් මෙතෙක් බලධාරීන් පැහැදිලි කර නැතැයිද පැවසීය.

බිම් මට්ටමේ සිදුවන කොරෝණා මරණවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් සංඛ්‍යාලේඛණ ලෙස ප්‍රසිද්දියට පත් වන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.මේ හේතුවෙන් සමාජය සහ සෞඛ්‍ය වෘත්තිකයන් අතර බරපතළ ගැටුම්කාරී තත්වයක් මතුව ඇතැයි ද ඔහු චෝදනා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?