දූවිලි අංශු වැඩි ප්‍රදේශවල ළමයින්ට ශ්වසන බලපෑම්

දූවිලි අංශු වැඩිපුර ඇති ප්‍රදේශවල ස්වසන රෝග සහ ළමා හතිය දරුවන්ට වැළඳීමේ වැඩි ඉඩකඩක් මතුවී ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

කොළඹ, ගම්පහ, කුරුණෑගල, යාපනය යන දිස්ත්‍රික්කවල දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් එම දිස්ත්‍රික්කවල දරුවන් විශේෂයෙන් ආරක්‍ෂාකර ගන්නැයි ඒ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ වැඩිවීමේ අවදානමක් ද පවතින බව ඔහු පැවසීය

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේද කීය.

පරිසරයේ දූවිලි අංශු වැඩිවීමත් එක්ක දරුවන්ට ස්වසන රෝග වැළඳෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් දරුවන්ව නිවෙස් තුළම රඳවා ගන්න. ශීත දේශගුණයකුත් තියෙන්න පුළුවන්. මේ නිසා ජනෙල් දොරවල් වසා තබන්න. දරුවන්ව එළියට රැගෙන යනවා නම් හිසට තොප්පියක් වගේම උණුසුමට ගැළපෙන ඇඳුමක් අන්දවාගෙන රැගෙන යන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?