දූවිලි අංශු වැඩි ප්‍රදේශවල ළමයින්ට ශ්වසන බලපෑම්

දූවිලි අංශු වැඩිපුර ඇති ප්‍රදේශවල ස්වසන රෝග සහ ළමා හතිය දරුවන්ට වැළඳීමේ වැඩි ඉඩකඩක් මතුවී ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

කොළඹ, ගම්පහ, කුරුණෑගල, යාපනය යන දිස්ත්‍රික්කවල දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් එම දිස්ත්‍රික්කවල දරුවන් විශේෂයෙන් ආරක්‍ෂාකර ගන්නැයි ඒ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ වැඩිවීමේ අවදානමක් ද පවතින බව ඔහු පැවසීය

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේද කීය.

පරිසරයේ දූවිලි අංශු වැඩිවීමත් එක්ක දරුවන්ට ස්වසන රෝග වැළඳෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් දරුවන්ව නිවෙස් තුළම රඳවා ගන්න. ශීත දේශගුණයකුත් තියෙන්න පුළුවන්. මේ නිසා ජනෙල් දොරවල් වසා තබන්න. දරුවන්ව එළියට රැගෙන යනවා නම් හිසට තොප්පියක් වගේම උණුසුමට ගැළපෙන ඇඳුමක් අන්දවාගෙන රැගෙන යන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22