AFC Banner
Empty Ad
Empty Ad

මියගිය පුතාගේ තෙමස් පිංකමට පැමිණි බිරිඳ සැමියා විසින් ඝාතනය කරලා

විදෙස් ගතව සිට මෙරටට පැමිණි කාන්තාවක් සිය සැමියා විසින් ඝාතනය කර ඔහු ද සියදිවි හානි කරගෙන ඇති පුවතක් ගොකරැල්ල, වෑගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය 04 වනදා නිලූකා විජේසුන්දර නමැති අදාළ කාන්තාව කුවේට් සිට මෙරටට පැමිණ ඇත්තේ මීට මාස තුනකට පෙර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ සිය පුත්‍රයාගේ තෙමස් දානමය පිංකමට සහභාගී වීම සඳහායි.

එලෙස පැමිණ සිටි 46 හැවිරිදි තම බිරිඳ මන්නයකින් කපා කොටා ඝාතනය කර සැමියා ද වස පානය කර සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

49 හැවිරිදි අදාළ සැමියා මැදිරිගිරි ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, ඔවුන් දෙදෙනා වසර 17ක පමණ කාලයක් විවාහයෙන් වෙන්ව ජීවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පවුල් ආරාවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කෙරෙන අතර,සැමියා හොර රහසේ ඊයේ (06) රාත්‍රියේ කාන්තාව පදිංචිව සිටි නිවස තුළට පැමිණ කාමරය තුළදීම ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව සඳහන් .

සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?