ජනප්‍රිය ප්‍රහසන නිළි ක්‍රිස්ටි අලෙයි දිවි ගමනට සමුදෙයි

ඇමරිකාවේ ‘චියර්ස්’ නැමැති ප්‍රහසන රූපවාහිනී කතා මාලාවේ අතිශය ජනප්‍රියත්වයට පත් නිළියක් වන ක්‍රිස්ටි අලෙයි මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

71 හැවිරිදි වියේ පසු වූ ක්‍රිස්ටි අලෙයි පිළිකා රෝගයක් හේතුවෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

‘චියර්ස්’ නැමැති ප්‍රහසන කතා මාලාවේ රංගනය වෙනුවෙන් ක්‍රිස්ටි අලෙයි, එමී සම්මානයටද පාත්‍ර වූ නිළියක්.

මෙම ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවේ පබ් කළමණාකරුවෙකු ලෙස ඇය සිය භූමිකාව නිරූපණය කළා.

ඇයට තිබූ පිළිකාව කුමක් දැයි නිශ්චිතව සඳහන් කර නොමැති නමුත්, ඇය පිළිකා රෝගයෙන් පීඩා විඳින බවට මෑතකදී හඳුනාගත් බවයි පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?