මුඟුරකින් ලබාගත් ඉව පසුපස ගිය ‘ෂැගී’ ඝාතකයාගේ කාමරය තුළ නැවතිලා

පොලිස් නිල සුනඛයෙකුගේ ඉව ඔස්සේ ගොස් මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් දිවුලපලැස්ස ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන හෙබරව, අලුයටවල ප්‍රදේශයේ පදංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

පෙරේදා (04) පස්වරුවේ දිවුලපලැස්ස, වැව්පිටිය ප්‍රදේශයට ගවයින් රැගෙන ඒමට ගිය පුද්ගලයෙක් නැවත නිවසට නොපැමිණි බවට එම පුද්ගලයාගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

මෙම පැමිණිල්ලට අනුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක දී අදාළ පුද්ගලයාගේ මළ සිරුර දික්පිටිය කැලෑබද ප්‍රදේශයක තිබිය දී ඊයේ (05) උදෑසන සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මුඟුරකින් සහ ගලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පසුව පොලිස් නිල සුනඛ අංශයේ ෂැගී නැමැති සුනඛයා අපරාධ ස්ථානයේ තිබූ මුඟුරකින් ලබාගත් ඉව ඔස්සේ ගොස් සැකකරුගේ නිවසේ කාමරයේ නතර වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම ප්‍රදේශයේම පදිංචි ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර සහෝදරයා සහ ඝාතනය ලක්වූ තැනැත්තා අතර, කුඹුරක් සම්බන්ධයෙන් කලක සිට පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බව හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14