ගංජා නීතිගත කිරීමට රජයේ සූදානමක් නෑ – රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි (වීඩියෝ)

ගංජා නීතිගත කිරීමට රජය කිසිඳු එකඟතාවයකට පැමිණ නොමැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේ දී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නැඟූ ප්‍රශනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කැබිනට් පත්‍රිකාවක් ඉරිපත් කරමින් ඉදිරියේ දී හෝ එය නීතිගත කිරීමක් සිදුකිරීමට හෝ තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර, ඖෂධීය කාර්යන් සඳහා පමණක් භාවිත කිරීමට යෝජනා කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

https://youtu.be/jzd_jjRIAfY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?