AFC Banner
Empty Ad
Empty Ad

කුකුළු මස් කන්නේ බලාගෙනයි

කුරුළු උණ රෝගය කුකුළු මස්වලින් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ පළමු අවස්ථාව රුසියාවෙන් වාර්තා වු බව බි බී සී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ගොවිපළක සේවය කළ පුද්ගලයින් 7 දෙනෙක් මෙම රෝගයට ගොදුරු වී ඇති බවයි රුසියාවේ පාරිභෝගික සෞඛ්‍ය නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී ඇනා පොපෝවා පැවසුවේ. එම හත්දෙනාම දැන් සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. මිනිසුන්ගෙන් මිනිසුනට මෙය සම්ප්‍රේෂණය වන බවට කිසිදු සලකුණක් නොමැති බව පොපෝවා මහත්මිය පවසයි.

බි බී සී පුවත් සේවය වාර්තා කරන්නේ මෙම තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයට ද වාර්තා කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?